Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd April 2019 15:46:43 Hours

213 වන බලසේනාවේ භටපිරිස් පාසල් පුස්තකාලය ප්‍රතිසංස්කරණය කර ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කරයි

අංක 306 ඒ/1, කොළඹ 04 සිංහ සමාජයේ අනුග්‍රහය ඇතිව 21 වන සේනාංකය යටතේ ස්ථාපිත 213 වන බලසේනාවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (30) දින පූල්එලිය පාසල් පුස්තකාලය ප්‍රතිසංස්කරණය කර පාසල් බලධාරීන් වෙත භාරදුන්හ.

අබලන් තත්ත්වයට පත්වූ මෙම පුස්තකාලයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු 213 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක ගේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව සිදුකරන ලදී.

පූල්එලිය විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ ආරාධනයකට අනුව සපැමිණි 213 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් පොත් තොගයක් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව ප්‍රතිසංස්කරණය කරන ලද නව පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කරනු ලැබීය. අංක 306 ඒ/1, කොළඹ 04 සිංහ සමාජයේ සභාපති සේකර මහතා සිංහ සමාජයේ සාමාජිකයින්ගේ සහය ඇතිව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මූල්‍යමය දායකත්වය ලබාදුන්හ.

එමෙන්ම, තවත් යුද්ධ හමුදා සාමාජිකයින් කණ්ඩායමක් නෙරියකුලම් ග්‍රාම සේවා කොට්ඨාසයේ සැල්වටෝරියන් කන්‍යාරාමයේ දරුවන් සඳහා ලිපිද්‍රව්‍ය සහ ඇඳුම් තොගයක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී. 231 බලසේනාවේ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය සඳහා ද එම සිංහ සමාජයේ අනුග්‍රහය ලබාදී ඇත. Sneakers Store | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ