Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21 වන සේනාංක මුලස්ථාන කණ්ඩායම වන්නි ආරක්‍ෂක සේනා පිහිනුම් ශුරතාවලිය දිනාගනි

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද අන්තර් සේනංක පිහිනුම් ශුරතාවලිය - 2018 හි අවසන් තරඟ සෙනසුරාදා (17) දින අනුරාධපුර 21 වන සේනාංක මුලස්ථාන පිහිනුම් ක්‍රිඩා සංකිර්ණයේදී පැවැත්විණි.

21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ අධික්‍ෂණයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට තම ක්‍රීඩා වෘත්තීමය හැකියාවන් පෙන්වීම සඳහා මෙම වාර්ෂික පිහිනුම් තරඟාවලිය දින 02 ක් පුරාවට පැවැති අතර ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් කුසලාන හා සහතික පත් බෙදා දෙන ලදී.

2018 මාර්තු මස 16 - 17 යන දෙදින 21, 54, 56, 61 සහ 62 වන සේනාංකයන් සහ ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද කණ්‍ඩායම් සමගින් 2 (ස්වේච්ඡා) සහ 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායම් විවිධ පිහිනුම් තරඟ ඉසව් යටතේ තරඟ වැදුණි.

අනුරාධපුර අධ්‍යාපන කලාපය යටතේ ඇති ප්‍රධාන පාසල් 8 ක් ද 2018 වසර පාසල් අංශයේ පිහිනුම් ශුරතාවලිය සඳහා තරග වැදුණු අතර අනුරාධපුර වලිසිංහ හරිස්චන්‍ද්‍ර විද්‍යාලය පිරිමි ශුරතාවය ද අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය කාන්තා ශුරතාවය ද දිනාගන්නා ලදී.

මෙම පිහිනුම් තරඟාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් යුද්ධ හමුදා සහ පාසල් අංශයන්ගෙන් තම වෘත්තීමය ක්‍රීඩා කෞෂල්‍යයන් ප්‍රදර්ශනය කරමින් නව තරඟ වර්තා කිහිපයක්ද බිහිකරන ලද අතර පිරිමි අංශයේ සමස්ථ ශුරතාවය 21 වන සේනාංක මුලස්ථාන කණ්ඩායම විසින් ද අනුශුරතාවය ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද කණ්ඩායම ද දිනාගන්නා ලදී. 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය කාන්තා අංශයේ සමස්ත ශුරතාවය ද 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය අනුශුරතාවයද හිමිකරගන්නා ලදී.

ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද කණ්ඩායම නියෝජනය කල ලාන්ස් කෝප්‍රල් යු.කේ. චතුරංග සහ 21 වන සේනාංක මුලස්ථාන කණ්ඩායම නියෝජනය කල රෝහක සෙබල ආර්.එම් ජයසිංහ 2018 අන්තර් සේනාංක පිහිනුම් තරඟාවලියේ දක්ෂතම පිහිනුම්කරුවන් ලෙසත් දක්ෂතම පිහිනුම්කාරිය ලෙස කාන්තා සෙබළ එස්.එම් ගුණතිලක ද පත්විය.

21, 54 සහ 61 සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද ආඥාපති, 21 සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන් සහ ඒකකයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, පාසල් සිසුන් සහ සෙසුනිලයින් විශාල පිරිසක් 2018 අන්තර් සේනාංක පිහිනුම් තරඟාවලියේ අවසන් තරඟ නැරඹිම සඳහා එක්ව සිටියහ.

latest jordans | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov