Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2018 ආරක්‍ෂක සේවා මේස පන්දු තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩකයින් දස්කම් දක්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන 10 වන ආරක්‍ෂක සේවා මේස පන්දු තරඟාවලිය ජූනි මස 20 සිට 22 දින දක්වා පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පවත්වනු ලැබීය. තරඟාවලියේ සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට හිමිවූ අතර, තවද යුද්ධ හමුදා මේස පන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා සහ පිරිමි අංශයන්ගෙන් රන් පදක්කම් 2 ක් හිමි කරගැනීමට ද සමත්විය.

කාණ්ඩ හයක් යටතේ පැවැති මෙම තරඟාවලිය සඳහා ආරක්‍ෂක හමුදාවන් නියෝජනය කරමින් තරඟකරුවන් 75 කට අධික පිරිසක් සහභාගි විය.

යුද්ධ හමුදා යුධ සේවා ලේකම්, ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා මේස පන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ ගේ මඟපෙන්වීමෙන් සහ යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ ගේ අධීක්‍ෂණය ඇතිව පැවැති මෙම තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩකයින් දස්කම් දැක්විය.

10 වැනි ආරක්ෂක සේවා මේස පන්දු තරගාවලිය ශුරතාවය හිමිකරගැනීමට යුද්ධ හමුදා මේස පන්දු ක්‍රීඩකයින් මාස ගණනාවක් පුරා පුහුණුවීම් කටයුතුවල නිරත විය. මෙම තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතික පත් පිරිනැමීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි වූ අතර ශ්‍රී ලංකා නාවික හමුදා සහ ගුවන් හමුදා මේස පන්දු කමිටු සභාපතිවරුන් ද සහභාගි විය.

තරඟාවලියේ දී යුද්ධ හමුදාව හිමිකරගත් ජයග්‍රහණ පහතින් දැක්වේ;

පිරිමි කණ්ඩායම් ඉසව්ව - ශුරතාවය

පිරිමි කේවල ඉසව්ව - ශුරතාවය සහ අනුශුරතාවය

පිරිමි යුගල ඉසව්ව - ශුරතාවය සහ අනුශුරතාවය

කාන්තා කණ්ඩයම් ඉසව්ව - ශුරතාවය

කාන්තා කේවල ඉසව්ව - ශුරතාවය සහ අනුශුරතාවය

කාන්තා යුගල ඉසව්ව - ශුරතාවය

තරඟාවලියේ ජයග්‍රහණ පහතින් දැක්වේ;

පිරිමි කේවල ඉසව්ව

ශුරතාවය - සෙ/284990 සංඥා සෙබල ප්‍රියංකර වයි.ආර්.එම් - ශ්‍රී ලංකා සංඥා බලකාය

අනුශුරතාවය - නි/8477 කපිතන් එල්.එස්. කාවින්ද - ශ්‍රී ලංකා සංඥා බලකාය

කාන්තා කේවල ඉසව්ව

ශුරතාවය - සෙ/101202 සංඥා කාන්තා සෙබල කාන්තා වරුෂවිතාන ඊ.ඩි - ශ්‍රී ලංකා සංඥා බලකාය

අනුශුරතාවය - සෙ/101201 සංඥා කාන්තා සෙබල නවෝද්‍යා ජි.වී.එන් - ශ්‍රී ලංකා සංඥා බලකාය

විවෘත පිරිමි යුගල

ශුරතාවය - සෙ/284989 සංඥා සෙබල පුෂ්ප කුමාර එම්.ඒ.එස් - ශ්‍රී ලංකා සංඥා බලකාය සහ සෙ/101103 සංඥා සෙබල උදන්ජය කේ.ඩබ්ලිව්.අයි - ශ්‍රී ලංකා සංඥා බලකාය

අනුශුරතාවය - නි/8477 කපිතන් එල්.එස්. කාවින්ද ශ්‍රී ලංකා සංඥා බලකාය සහ සෙ/284990 සංඥා සෙබල ප්‍රියංකර වයි.ආර්.එම් - ශ්‍රී ලංකා සංඥා බලකාය

විවෘත කාන්තා යුගල

ශුරතාවය - සෙ/101202 සංඥා කාන්තා සෙබල වරුෂවිතාන ඊ.ඩි - ශ්‍රී ලංකා සංඥා බලකාය සහ සෙ/101201 සංඥා කාන්තා සෙබල ජි.වී.එන් - ශ්‍රී ලංකා සංඥා බලකාය

Nike Sneakers | Releases Nike Shoes