Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2018 අන්තර් රෙජිමේන්තු ආධුණික මුෂ්ටි ප්‍රහාරක අවසන් තරඟවලියේ දී විජයබාහු ආධුණික මූෂ්ටි ප්‍රහාරකයින් දස්කම් දක්වයි

යුද්ධ හමුදා මුෂ්ටි ප්‍රහාරක කමිටුව විසින් සංවිධානය කරනු ලබන අන්තර් රෙජිමේන්තු ආධුණික මුෂ්ටි ප්‍රහාරක තරඟාවලිය - 2018, සිකුරාදා (23) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී නිමාවට පත්විය.

මාර්තු මස 20 සිට 23 දින දක්වා පූරා දින හතරක් පැවැති මෙම තරඟාවලිය සඳහා රෙජිමේන්තු 14 ක් නියෝජනය කරමින් බර පන්ති 10 ක් යටතේ මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයින් 101 දෙනෙකු සහභාගි වූ අතර තරඟාවලියේ අවසන් තරඟ සිකුරාදා (23) දින පැවැත්විණි.

අවසන් තරඟයන්ගේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ මුෂ්ටි ප්‍රහාරක කමිටුවේ සභාපති මෙන්ම මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති ප්‍රවීණ මුෂ්ටි ප්‍රහාරකයකු වන මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් එම තරඟාවලියේ අවසන් තරඟ නැරඹු අතර ජයග්‍රහකයින් හට ත්‍යාග ප්‍රදානය කිරීමට ද එක්වුහ.

තරඟාවලියේ සමස්ථ ශුරතාවය විජයබාහු පාබල රෙජිමේන්තු මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයින් විසින් හිමිකරගත් අතර සම අනුශුරතාවයන් හිමිකරගැනිමට ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය සමත් විය. එමෙන්ම, තරඟාවලියේ තෙවන ස්ථානය හිමිකරගැනිමට යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයින් සමත් විය.

තරඟාවලියේ දක්ෂතම මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයා ලෙස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ආර්.යු. රාජපක්ෂ තේරිපත් විය.

මෙම තරඟාවලියේ අවසන් තරඟ දැඩි උනන්දුවකින් නැරඹීම සඳහා මුෂ්ටි ප්‍රහාරක කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් සමඟ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩාලෝලීන් රැසක් ද එක්ව සිටියහ.

buy shoes | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret