Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2018 අන්තර් බලඇණි දැල්පන්දු ශුරතාවය 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට

ජනවාරි මස 9 සහ 10 දෙදින අම්පාර සටන් පුහුණු පාසලේ දී 24 වන සේනාංකය විසින් සංවිධානය කරන ලද අන්තර් බලඇණි දැල්පන්දු ශුරතාවය - 2018 හි ශුරතාවය 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් හිමිකරගන්නා ලදී.

24 වන සේනාංකය යටතේ වන දැල් පන්දු කණ්ඩායම් 07 ක් මෙම දෙදින පුරාවට තරඟ වැදුනු අතර අවසානයේ ශුරතාවය 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ද අනුශූරතාවය 241 බලසේනා කණ්ඩායම විසින් ද හිමි කරගන්නා ලදී.

මෙම තරඟාවලියේ දක්ෂතම ප්‍රහාරකයාට හිමි සම්මානය 241 බලසේනා මුලස්ථාන කණ්ඩායම නියෝජනය කරමින් 16 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ලුතිතන් පී.ආර්.කේ රණවීර ද දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රයිෆල් සෙබල ජේ.එම් ප්‍රියංකර ද හිමිකර ගන්නා ලදි.

24 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ උපදෙස් පරිදි මෙම තරඟාවලිය සංවිධානය කරන ලදී.

24 වන සේනාංකාධිපති වෙනුවෙන් 24 සේනාංකයේ කර්නල් පරිපාලන සහ භඨ කාර්ය සම්පාදන කර්නල් ටි.එච්. ඩ්‍රහිම් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවී ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය සිදුකරන ලදී.

241 බල සේනාධිපති කර්නල් ඩබ්ලිවි චන්ද්‍රසිරි, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් මේ අවස්ථාව සඳහා එක්විය.

buy shoes | Nike Shoes, Clothing & Accessories