Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2017 - යුද්ධ හමුදා ජූඩෝ ශූරතාව ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවට

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ජූඩෝ ශූරතාවලිය - 2017 හී අවසන් මහා තරඟය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය බ්‍රහස්පතින්දා (30) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී පැවැත්විණි.

මෙම අන්තර් රෙජිමේන්තු ජූඩෝ තරඟාවලිය සඳහා බර පන්තින්ට අනුව පුද්ගල සහ කණ්ඩායම් වශයෙන් තරඟ ඇතුලත් විය.

රෙජිමේන්තු 18 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 කට වැඩි පිරිසක් සහභාගි වු මෙම තරඟාවලිය නොවැම්බර් මස 26 සිට 30 දින දක්වා පැවැත්විණි.

යුද්ධ හමුදා ජූඩෝ කමිටුවේ සභාපතිබ්‍රිගේඩියර් ශාන්ත දෙහිවත්ත ගේ ආරාධනයෙන් සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදා මුලස්ථානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සහභාගි විය.

කණ්ඩායම් තරඟ සහ සමස්ථ තරඟාවලියේ ශූරතාව ලකුණු 53 ක් ලබාගනීමින් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව හිමි කරගත් අතර, ලකුණු 14 ක් ලබාගනීමින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව අනුශූරතාවය ලබාගැනීමට සමත්විය.

ආධුණික අංශයේ ශූරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය හිමි කරගත් අතර, අනුශූරතාව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට හිමි විය. එමෙන්ම අධුණික අංශයේ සමස්ථ ශූරතාව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම් සාමාජිකයින් විසින් හිමි කරගත්හ.

මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

Sports Shoes | Air Max