Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2017 09:49:57 Hours

2 වන (ස්වෙච්ජා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් වෙතින් වැඩිහිටියන් හා ගම්වාසින් වෙත නොමිලේ ආහාර වේලක්

66 වන සේනාංකයේ භට පිරිස් විසින් තෛපොංගල් උත්සවය වෙනුවෙන් සෙනසුරදා (14) දින පුනරින්, වන්නිරික්කුලම් යෝගා ස්වාමි වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් වෙත දිවා ආහාර වේලක් පිරිනමන ලදි.

මෙම වැඩසටහන යටතේ එහි නේවාසිකයින් වෙත දිවා ආහාරය පිරිනැමු අතර, ප්‍රදේශයේ වැසියන් වෙත ද දිවා ආහාර පාර්සල් 150 ක් බෙදාදෙනු ලැබිය.

එහි දි වන්නිරික්කුලම් ග්‍රාම නිලධාරී විසින් රැස්ව සිටි පිරිස අමතමින් ජාතික සමඟිය සහ සංහිඳියාව ඇති කිරීමට මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සිය සතුට ද පළ කළහ.

එමෙන්ම, මෙම වැඩසටහන 663 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.එස්.ඩී වැලිකලගේ මඟපෙන්වීම යටතේ 2 වන (ස්වෙච්ජා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව විසින් සංවිධානය කරන ලදි.

66 වන සේනාංකයේ සේනාංකධිපති බ්‍රිගේඩියර් ඩී.සි. කැප්පෙටිවලාන, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින්, සෙසුනිලයන් හා ආරාධිතයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Sportswear free shipping | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers