Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st November 2018 16:58:56 Hours

2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ 35 වන සැමරුම් දිනයට සමගාමීව සිසු දරු දැරියන් දිරිගන්වයි

2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ 35 වැනි සංවත්සර දිනය නිමිත්තෙන් එම බළඇණියේ හිටපු නිලධාරියෙකු වන විශ්‍රාමික කපිතන් රවී පහලවත්ත ගේ අනුග්‍රාහකත්වය ඇතිව ඒම බළඇණියේ භට පිරිස් විසින් ද්‍රව්‍ය පරිත්‍යාග වැඩසටහනක් ත්‍රිකුණාමලය ෆේඩ්‍රික් කොටුවේ දී සිකුරාදා (26) දින පවත්වනු ලැබීය.

මෙම උත්සවයේ දී රුපියල් ලක්ෂ පහක වටිනාකමකින් යුතු රෝද පුටු, අත්වාරු, සනීපාරක්ෂක පහසුකම්, ශිෂ්‍යත්ව, ඇඳුම් හා ලිපි ද්‍රව්‍ය තොගයක් බෙදාදෙන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගී වු අතර සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් බන්දුල රත්නායක විසින් පිළිගැනීමේ කථාව සිදුකරනු ලැබීය.

අනතුරුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිසු දරු දැරියන් 50 දෙනෙකු සඳහා එම අවස්ථාවේ පාසල් නිල ඇඳුම් සහ අත්‍යාවශ්‍ය ලිපි ද්‍රව්‍ය තොගයක් බෙදාදුන් අතර 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමෙන්තුවේ රට වෙනුවෙන් දිවිපිදු හා සේවයේ යෙදි සිටින රණවිරුවන්ගේ සේවය අගයමින් ඔවුන්ගේ පවුල්වල දරුවන් 20 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ද ප්‍රදානය කරනු ලැබීය.

මෙම උත්සවය සඳහා ආගමික පූජකවරුන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගි වූහ. buy footwear | Women's Nike Superrep