Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th November 2017 18:31:24 Hours

17 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු භට පිරිස් ප්‍රජා සුබසාධන ව්‍යාපෘතින්ට දායකත්වය සපයයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වන 57 වන සේනාංකයේ 571 බල සේනාවට අයත් 17 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් භාරතීපුරම් ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා ප්‍රජා සුබසාධන ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම ප්‍රජා සුබසාධන ව්‍යාපෘතිය යටතේ ශ්‍රමදාන ව්‍යාපාරයක් දියත් කිරිම තුලින් දිගු කාලයක් පුරා දැඩි ලෙස අබලන් ව පැවති භාරතී පුරම් අනානි සාරදා දේවී පාසල වෙත පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදි.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු 17 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරි මේජර් එස්.එම්.ජි. සෝමතිලකගේ අධික්ෂණයෙන් හා මඟ පෙන්විම මගින් එම ඒකක භට පිරිස් විසින් සිදුකරන ලදී.

මෙයට සමඟාමිව පැවති භාරතීපුරම් අම්මාන් කෝවිල් පරිශ්‍රයේ පිරිසිදු කිරිම් සඳහා ද සිවිල් වැසියන් සමඟින් භට පිරිස් තම ශ්‍රම දායකත්වය සපයන ලදි.

jordan release date | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK