Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th November 2018 19:55:35 Hours

17 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විලාප්පකුලම් වැව් බැම්මේ ආරක්‍ෂාව තහවුරු කරයි

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙණ ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් මුලතිව්, පාලාම්පාසි ග්‍රාමසේවා කොට්ඨාසයේ පිහිටි විලාප්පකුලම් වැවේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහලගොස් වැව් බැම්මේ ජලය කාන්දුවීමේ අවධානමක් පවතින බව ප්‍රදේශවාසීන් විසින් දැනුම්දීමෙන් අනතුරුව අඟහරුවාදා (15) දින මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 17 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් යුහුසුළුව ක්‍රියාත්මකවී වැලි කොට්ට අතුරා වැව් බැම්මේ ආරක්‍ෂාව තහවුරු කිරීමට සමත්විය.

මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති තුමන්ගේ සහ 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ උපදෙස් මත 642 වන බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ අධීක්‍ෂණය යටතේ ඇතිවූ හදිසි තත්ත්වයට සහන සැලසීම සඳහා 17 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් කඩිනමින් කටයුතු කරනු ලැබීය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින්, තාක්‍ෂණික නිලධාරින් හා ප්‍රදේශවාසීන් රැසක් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යුද්ධ හමුදාවට අවශ්‍ය සහයෝගය ලබාදෙනු ලැබීය. Nike footwear | Men’s shoes