Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2018 13:36:39 Hours

143 වන බලසේනාවේ සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පැළ 500 ක් රෝපණය කෙරේ

පුත්තලම ප්‍රදේශයේ ස්ථානගත 143 වන බලසේනා මූලස්ථානය සිය 8 වන සංවත්සරය සමරනු වස් එයට සමගාමීව ඉකුත් සිකුරාදා (30) දින වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී.

ඒ අනුව, 143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් 16 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පිරිනැමූ අතර ඉන් අනතුරුව බලසේනාධිපතිතුමන් විසින් භට පිරිස් අමතනු ලැබීය.

බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ දී එදින සන්ධ්‍යාවේ සර්ව රාත්‍රීක පිරිත් සජ්ඣායනාවක් පැවැත්වූ අතර පසුදින උදෑසන (සෙනසුරාදා 1 දින) මහා සංඝරත්නය 10 නමක් විශයෙහිලා හීල් දානය පිළිගන්වනු ලැබීය.

එමෙන්ම, යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘රණවිරු හරිත අරණ’ රුක් රෝපණ ව්‍යාපෘතියට සමගාමීව සංවත්සර දිනයේ දී බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කුරුණෑගල සිට පුත්තලම දක්වා දිවෙන මාර්ගය දෙපස ‘ඇහැළ’ පැළ 500 ක් රෝපණය කරනු ලැබීය.

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ උපදෙස් මත මෙම සංවත්සර වැඩසටහන සංවිධානය කල අතර එම වැඩසටහන් මාලාවට සමගාමීව බලසේනාවේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් අතර සුහද ක්‍රිකට් තරඟයක් ද බලසේනා මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. Sportswear free shipping | NIKE