Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th October 2018 17:22:49 Hours

143 බලසේනාවේ භට පිරිස් බිඳිගිය බැම්මේ ආරක්ෂාව තහවුරු කරයි

අයහපත් කාලගුණයත් සමඟ අඳහැළුණු ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් බිංගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොළමුනේ ඔයෙහි බැම්ම බිඳියාම අවධානමක් ඇති බව සැලවීමෙන් අනතුරුව බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 16 වන ගජබා රෙජිමේන්තුවේ සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් 2 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 35 ක් යුහුසුළුව ක්‍රියාත්මක වී පැය 10 කට අධික කාලයක් තුල බිඳිගිය බැම්මේ වැලිකොට්ට අතුරා බැම්මේ ආරක්‍ෂාව තහවුරු කිරීමට සමත්විය.

ඇතිවු අවදානම් තත්ත්වය පිළිබඳ ප්‍රදේශවාසීන් විසින් දැනුම්දීමෙන් අනතුරුව, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ මඟපෙන්වීම යටතේ 143 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ මෙම හදිසි ආපදා කටයුතු සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් යොදවනු ලැබීය.

බැම්මේ බිඳියාමේ අවධානමට ලක්වූ ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය ඇතිව වැලිකොට්ට 100 කට අධික ප්‍රමාණයක් අතුරා බැම්මේ ආරක්‍ෂාව තහවුරු කිරීමට යුද්ධ හමුදා සාමාජිකයින් සමත්විය. spy offers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp