Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14 වන සෙපැක් ටැක්රෝ ජාතික තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා ආධුනික සෙපැක් ටැක්රෝ (Sepak Takraw) සම්මේලනය විසින් සංවිධානය කරන ලද 14 වන සෙපැක් ටැක්රෝ ජාතික තරඟාවලියේ ශුරතාවය හිමි කරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙපැක් ටැක්රෝ කණ්ඩායම සමත්විය.

වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බර්ට් එෆ්.පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැති මෙවර තරඟාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 20 ක්, කාන්තා කණ්ඩායම් 15 ක් සහ පාසල් කණ්ඩායම් 6 ක් සහභාගි වූහ.

මෙහිදි පැවති පිරිමි අවසන් තරඟයේ දී තරඟ වට 2-0 ක් ලෙස යුද්ධ හමුදා කණ්ඩායම හමුවේ ඌව මැලේ කණ්ඩායම පරාජයට පත්විය. Running sport media | Nike Air Max