Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2019 08:44:19 Hours

12 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සිය ධූරයෙන් නික්ම යයි

12 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී කල මේජර් ජෙනරාල් එන්.ඩි. වන්නිආරච්චි යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ලෙස නව ධූරයේ රාජකාරී භාරගැනීම සඳහා සඳුදා (14) දින හම්බන්තොට පිහිටි එම සේනාංක මූලස්ථානයේ දී සිය ධූරයෙන් නික්ම යන ලදී.

සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත 18 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මූරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරීනැමුහ. අනතුරුව, නික්මයන සේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස් ඇමතූ අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 121 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්, 122 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්, 12 වන සේනාංකයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, එම සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. trace affiliate link | Nike SB