Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th February 2018 16:00:11 Hours

11 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබු මූලික බුද්ධි පාඨමලාව සාර්ථකව නිමාවට

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබු මූලික බුද්ධි පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය බදාදා (14) දින නුවර පිහිටි එම සේනාංක මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

මෙම පාඨමාලාව සඳහා 11 වන සේනාංක මූලස්ථාන බලප්‍රදේශයේ සේවයේ නියුතු නිලධාරින් 6 ක් සහ සෙසුනිලයින් 80 ක් සහභාගි වූ අතර, පාඨමාලාව 2017 ඔක්තෝම්බර් මස 02 ආරම්භ කර ඔක්තෝම්බර් මස 25 දින දක්වා පවත්වන ලදී.

සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන සහභාගි වූ අතර මෙම ව්‍යාපෘතිය සඳහා මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ අශිර්වාදය ද හිමිවිය.

සහතිපකපත් ප්‍රදානෝත්සවය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

affiliate tracking url | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth