Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th September 2016 14:29:33 Hours

11 වන සේනාංකය බන්ධනාගාර රැදවියන් සඳහා වෛද්‍ය සායනයක් සංවිධානය කරයි

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ මහනුවර පිහිටා ඇති 11 වන සේනාංකය විසින් ඉදිරියේ දී සැමරීමට නියමිත යුද හමුදා 67 වන සංවත්සරය නිමිත්තෙන් බෝගම්බර බන්ධනාගාරයෙහි රැදවියන් සඳහා සිකුරාදා (9) වන දින වෛද්‍ය සායනයක් පැවැත්වූ අතර, ඒ සඳහා රැදවියන් 400 ක් පමණ සහභාගි වූහ. අධි රුධිර පීඩනය, දියවැඩියාව, දන්ත සායනය, උගුර කණ නාසය හා සම්බන්ධ රෝග, ස්නායු රෝග ආදිය මෙහිදී පරික්ෂාවට ලක් කරන ලදී . මෙහිදී අක්ෂි දුර්වලතා සහිත රැදවියන් සඳහා නොමි‍ලේ ඇස් කණ්නාඩි බෙදා දීම ද සිදු විය. 11 වන සේනාංකයෙහි සේනාංකධිපති මේජර් ජෙනරාල් ඩී.එස්.එන්.කේ සේනාධීර සහ වෛද්‍ය විශේෂඥයින්, සමගින් අනෙකුත් සහභාගි වන්නන් මෙම සායනය සඳහා එක් විය. Sportswear free shipping | Nike