Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th January 2019 21:03:25 Hours

‘හේමාස් අවුට්රිස් පදනමහි’ අනුග්‍රහය ඇතිව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් බණ්ඩාරවෙල තවත් පෙර පාසලක් ඉදිකරයි

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ගේ මූලිකත්වයෙන් දියත් කරනු ලැබු ප්‍රදේශයේ පෙර පාසල් ගොඩනැංවීමේ ව්‍යාපෘතියට සහයෝගය දැක්වීම සඳහා ඉදිරිපත් වු ‘හේමාස් අවුට්රිච් පදනමේ’ තවත් ව්‍යාපෘතියක් ලෙස මෙන්ම මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ ඉල්ලිමකට අනුව, කඳුකරයේ ඉගෙනුම ලබන සිසුන්ට නව පෙරපාසලක් ඉදිකිරිම සඳහා සෙනසුරාදා (19) දින බණ්ඩාරවෙල දී මුල් ගල් තබන ලදි.

නව පෙර පාසලේ ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල තැබීමේ උත්සවය පෙරවරු 9.40 ට ආරම්භ කෙරුණු අතර එම අවස්ථාව සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා , බණ්ඩාරවෙල නගරාධිපති ජනක රත්නායක මහතා, හේමාස් අවුට්රිච් පදනමේ විධායක අධ්‍යක්‍ෂිකා ශිරෝමි මාසකෝරාල මහත්මිය, හේමාස් සමුහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීවන් එන්ඩර්බ් මහතා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.

මෙම පෙරපාසලේ ඉදිකිරීම් කටයුතු ‘හේමාස් අවුට්රිච් පදනමේ’ පුර්ණ අනුග්‍රහය යටතේ සහ මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකිරීමට නියමිතව ඇත. affiliate tracking url | Buy online Sneaker for Men