Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th June 2018 21:14:14 Hours

‘හරිත පා ගමනක්’ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් එක්වෙයි

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 14 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 50 කට අධික පිරිසක් කොළඹ ප්‍රදේශයේ පැවැති විශේෂ ‘හරිත පාද යාත්‍රාවක්’සඳහා සෙනසුරාදා (09) දින සහභාගි විය.

ලෝක පරිසර දිනයට සමගාමීව,ශ්‍රී ලංකා හරිත ගොඩනැගිමේ මණ්ඩලය (Green Building Council of Sri Lanka) විසින් දියත් කරනු ලැබු මෙම පාද යාත්‍රාව ‘Go Green-Change Tomorrow Today’ යන තේමාව පෙරදෑරි කරගනිමින් කොළඹ 07, නිදහස් චතුරස්‍රය අසලින් ආරම්භ කර විහාරමහාදේවි උද්‍යානය දක්වා ගමන් කරනු ලැබීය.

මෙම පාද යාත්‍රාව සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකය, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සහයෝගය ලබාදුන්හ.

spy offers | Sneakers Nike Shoes