Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st November 2018 19:29:17 Hours

‘සහසක් නිමැවුම් - 2018’ හි දී යුද්ධ හමුදා නව නිපැයුම් 19 ක් ඇගයුමට

ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවති ‘සහසක් නිමැවුම් - 2018’ ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරඟාවලිය සඳහා යුද්ධ හමුදාව නියෝජනය කරමින් නිර්මාණ ඉදිරිපත් කරන ලද අතර ඉන් නව නිපැයුම්කරුවන් 29 දෙනෙකු අතරින් නව නිපැයුම්කරුවන් 19 දෙනෙකු සිය නිර්මාණ වෙනුවෙන් රන්, රිදී හා ලෝකඩ පදක්කම් හිමි කරගනු ලැබීය.

සැප්තැම්බර් මස 14 සිට 16 දක්වා පැවති මෙම ප්‍රදර්ශනය සඳහා නව තාක්ෂණික නිපැයුම් 335 ක් ඉදිරිපත් කර තිබු අතර, යුද්ධ හමුදාධිපතිතුමා ගේ මඟපෙන්විම යටතේ දිවයින පුරා ස්ථානගත ආරක්ෂක සේනා මුලස්ථානයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ලද නව නිපැයුම් ද ඒ අතර විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පර්යේෂණ, විශ්ලේශණ, යෝජනා හා සංවර්ධන ශාඛාව සහ ආරක්ෂක සේනා මුලස්ථානයන් එක්ව නව නිපැයුම් තරඟාවලියක් සංවිධානය කර එහිදි ඉදිරිපත් කරන ලද නව නිපැයුම් 239 ක් අතරින් මෙම ප්‍රදර්ශනය සඳහා නව නිපැයුම් 30 ක් තෝරාගනු ලැබූ අතර, ඉන් 19 ක් මෙසේ ඇගයුමට ලක්විය.

මෙම නව නිපැයුම් තරගාවලිය සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකම සිවිල් වැසියන් විසින් නිර්මාණය කරන ලද නව නිපැයුම් දහස් ගණනක් ඉදිරිපත් කර තිබුණි.

එහිදි, ජෛවී අපද්‍රව්‍ය ගෑස් බලයෙන් පුලුස්සා බැහැර කරන උඳුන නිර්මාණය කළ ලාන්ස් කෝප්‍රල් ජේ.සී. අයි නිශාන්ති විසින් රන් පදක්කමක් ද, වන අලි විකර්ශන පද්ධතිය නිර්මාණය කළ පර්යේෂණ, විශ්ලේශණ, යෝජනා හා සංවර්ධන ශාඛාවේ කර්නල් එස්.ඩී උදයසේන, පා පැදියක් සඳහා ස්වයංක්‍රිය ගියර් පද්ධතියක් නිර්මාණය කළ 592 බලසේනා මුලස්ථානයේ මේජර් යු.කේ ජයසූරිය සහ සාම්පල් මිඩ් (midi) පෑඩ් නිර්මාණය කළ 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ රයිෆල් සෙබල ටි.ජී එඩ්වඩ් විසින් රිදී පදක්කම් ද හිමි කරගනු ලැබීය.

එසේම, යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ලද නව නිර්මාණ රාශියක් අතුරින් බහුකාර්ය මාර්ග සංඥා පද්ධතිය, වැඩිදියුණු කරන ලද වාහන ආරක්ෂක බඳ පටිය, ලේසර් කිරණ ආධාරයෙන් මිනුම් ලබාගන්නා ලඹ කැටය, ගොවිපල හා අනෙකුත් කෘෂි භෝග නිෂ්පාදනයන් වෙත එල්ලවන විවිධ බලපෑම් මඟහරවා ගැනීමට උපයෝගි වන විද්‍යුත් සන්නිවේදන උපකරණය, වෙල්ඩීන් කිරීමේ දී පලදින ආරක්ෂිත හිස් වැස්ම, ස්මාර්ට් ස්වයංක්‍රිය සුවඳ කාරක පද්ධතිය, වාහන ආරක්ෂක පද්ධතිය, පොල් මිරිකන යන්ත්‍රය ආදී නව නිපැයුම් සඳහා ලෝකඩ පදක්කම් 15 ක් හිමි කරගැනීමට සමත් විය. තේරීපත්වු නව නිර්මාන අතර යුද්ධ හමුදා නිලධාරීන් තිදෙනෙකු (මේජර් නිළයේ නිලධාරියෙකු සහ කපිතන් නිලයේ නිලධාරින් දෙදෙනෙකු) විසින් ඉදිරිපත් කරන ලද නව නිපයුම් ද වේ.

නව නිපැයුම්කරුවන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (26) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති අතර, එහිදි ඇගයිමට ලක් වූ නිර්මාණ ඉදිරිපත් කළ යුද්ධ හමුදා සාමාජිකයින 19 දෙනා ඇතුලු ජයග්‍රහකයින් වෙත පදක්කම් සහ සහතික පත් ප්‍රදානය කරන ලදි.latest Running | nike