Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th December 2018 08:25:36 Hours

‘ශ්‍රී ලංකා අත්පන්දු තරඟාවලිය - 2018’ හී පිරිමි සහ කාන්තා අංශයේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා අත්පන්දු ඉතිහාසයේ ප්‍රථමවරට පැවැත්වූ ‘ශ්‍රී ලංකා අත්පන්දු තරඟාවලිය - 2018’ පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සෙනසුරාදා (08) දින සාර්ථකව නිමාවට පත්වූ අතර තරඟාවලියේ පිරිමි සහ කාන්තා අංශයේ සමස්ථ ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත් විය. තරඟාවලියේ අවසන් තරඟයේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වූ අතර තරඟාවලියේ සමස්ථ ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා අත්පන්දු කමිටුව ගනු ලැබු විශීෂ්ඨ උත්සහය එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් ඇගයුමට ලක් කළහ.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට පැවැත්වූ මෙම අත්පන්දු තරඟාවලිය දෙසැම්බර් මස 4 දින සිට 8 දින දක්වා පැවති අතර තරඟාවලිය සඳහා දිවයින පුරා පිරිමි අත්පන්දු කණ්ඩායම් 23 ක් සහ කාන්තා අත්පන්දු කණ්ඩායම් 5 ක් තරඟ වැදුණි.

එහිදි යුද්ධ හමුදා ක්‍රීඩකයින් ප්‍රතිවාදී නාවික හමුදා ක්‍රීඩකයින් සමඟ පැවැති තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 42 – 35 ක් ලෙස තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනිමට යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත්විය.

තවද අවසන් තරඟයේ දී යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් සහ ගුවන් හමුදා ක්‍රීඩිකාවන් අතර පැවැති තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 25 – 14 ක් ලෙස තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් සමත්විය.

‘ශ්‍රී ලංකා අත්පන්දු තරඟාවලිය - 2018’ හී සමාප්ති උත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්, යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ශ්‍රී ලංකා ඕලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමුනියම් ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ. best Running shoes brand | Men Nike Footwear