Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th June 2018 10:00:15 Hours

‘යථාර්ථය පදනම් කරගත් ආත්මාරක්ෂක සටන් කලාව’ පිළිබඳ ප්‍රදර්ශණාත්මක ඉදිරිපත් කිරීමක් තුලින් මූලතිව් භට පිරිස් දැනුවත් කෙරේ

‘යථාර්ථය පදනම් කරගත් ආත්මාරක්ෂක සටන් කලාව’ පිළිබඳ නිසි පුහුණුවක් ලැබු නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අනුයුක්ත සෙබලුන් පිරිසක් විසින් මූලතිව් ආරක්ෂුක සේනා මූලස්ථානයේ නිලධාරින් 3 ක් සහ සෙසුනිලයින් 60 දෙනෙකු දිරීමත් කිරීමේ අරමුණින් ‘යථාර්ථය පදනම් කරගත් ආත්මාරක්ෂක සටන් කලාව’ පිළිබඳ ප්‍රදර්ශණාත්මක ඉදිරිපත් කිරීමක් 2018 ජූනි මස 07 වන දින සිදු කරන ලදි.

පුනායි ප්‍රදේශයේ ස්ථානගත 23 වන සේනාංක මූලස්ථානයේ පැවැති මෙම වැඩසටහන සඳහා එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චුලා අබේනායක සහභාගි විය.

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සෙබළ සෙබළියන් හට අනාගතයේදී ඕනෑම ආරක්ෂක අභියෝගයකට මුහුණදීම සඳහා මෙන්ම දරාගැනීමේ ශක්තිය ඉහළ මට්ටමකට ගෙන ඒම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුෂිත පනන්වල ගේ මඟපෙන්වීම යටතේ ‘යථාර්ථය පදනම් කරගත් අත්මාරක්ෂක සටන් කලාව’ පිළිබඳ ප්‍රදර්ශණාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලැබීය.

‘යථාර්ථය පදනම් කරගත් අත්මාරක්ෂක සටන් කලාව’ පුහුණු ක්‍රියා පිළිවෙළ ආක්‍රමණශීලී ජන සමූහයන් හා පුද්ගලයන් සමඟ කටයුතු කිරීම සඳහා අත්‍යාවශ්‍ය වේ. මෙම පුහුණු කණ්ඩායම් අදාළ බලධාරීන්ගේ අනුමැතිය මත තොරතුරු රැස්කිරීම, බුද්ධිමය තොරතුරු රැස්කිරීම, මෙහෙයුම් සහ වැඩවර්ජන සඳහා යොමු කළ හැකිය.

1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ දක්ෂ හා වෘත්තීය සොල්දාදුවන්ගේ සහාය ඇතිව අද වන විට 23 වන සේනාංකය විසින් ‘යථාර්ථය පදනම් කරගත් අත්මාරක්ෂක සටන් කලාව’ පිළිබඳ පාඨමාලා 04 ක් පවත්වා ඇත.

Running Sneakers Store | Buy online Sneaker for Men