Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th July 2018 17:05:08 Hours

‘මිහිදු සෙත් මැඳුරේ’ නේවාසික ආබාධිත රණවිරුවන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා නව භාවනා ශාලාවක් විවෘත කෙරේ

අත්තිඩිය, මිහිඳු සෙත් මැඳුරේ නේවාසිකව ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවන් 41 දෙනෙකු වෙනුවෙන් එම පරිශ්‍රයේ දී නව භාවනා ශාලාවක් ඉදිකරනු ලැබීය.

නවතමයෙන් ඉදිකරන ලද භාවනා ශාලාව විවෘත කිරීම සඳහා බදාදා (18) දින උදෑසන පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එස්.කේ තිරුනාවුකරුසු සහ මිහිඳු සෙත් මැඳුරේ සේනාවිධායක කර්නල් එන්.පී.ඒ. ගුණවර්ධන ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

එහිදි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පිරිත් සජ්ඣායනාව මධ්‍යයේ සමරුඵලකය නිරාවරණය කරමින් නව භාවනා ශාලාව විවෘත කරනු ලැබු අතර නව භාවනා ශාලාවේ දී එකවර 60 දෙනෙකුට පමණ භාවනා කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසෙනු ඇත.

නව භාවනා ශාලාව තුල බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ද වැඩම කර තිබු අතර මෙම අවස්ථාව සඳහා සහභාගි වූ යුද්ධ හමුදාධිපතිතුමන් බුද්ධ ප්‍රතිමා වහන්සේට මල් වට්ටියක් ද පුජා කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් මෙම සංචාරය සංකේතවත් කරමින් ‘මිහිදු සෙත් මැඳුර’ ප්‍රරිශ්‍රයේ ‘සල්’ පැළයක් ද රෝපණය කළහ. ඉන් අනතුරුව පැවැති තේ පැන් සංග්‍රහය අතරතුරදී යුද්ධ හමුදාධිපතිතුමන් ‘මිහිදු සෙත් මැඳුරේ’ නේවාසිකව ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවන් සමඟ ද අදහස් හුවමාරු කරගත්හ.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, යුධ සේවා ලේකම් මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ, වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් කේ.පී. සුමනපාල, පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එස්.කේ තිරුනාවුකරසු, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ. Sports Shoes | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf