Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd September 2017 10:43:30 Hours

‘මාණ්ඩලික සාකච්ඡා’ සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පකිස්තානු හමුදා නියෝජිතයින් පිරිසක් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හමුවේ

සිව්වන වරටත් පවත්වනු ලබන පකිස්තාන - ශ්‍රී ලංකා හමුදා මාණ්ඩලික සාකච්ඡාවන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පකිස්තාන හමුදා නියෝජිත පිරිසේ නායක මේජර් ජෙනරාල් හෆිස් යුර් රාහමන් (Major General Hafeez Ur Rehman) සමගින් බ්‍රිගේඩියර් සයිඩ් ඉම්රාන් අක්තාර් (Brigadier Syed Imran Akhtar) සහ ශ්‍රී ලංකාවේ පකිස්තානු මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලි (Colonel Sajad Ali ) ඇතුළු දුත පිරිස බ්‍රහස්පතින්දා (21) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර හමුවිය.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් අද (22) දින පැවැත්වීමට නියමිත මෙම මාණ්ඩලික සාකච්ඡාවන්ට අදාලව මුද්‍රිත කඩදාසි අවම (Paperless) රාජකාරි පරිසරයක් ඇතිකිරීමෙහිලා විශේෂ අවධාණයක් යොමුකරමින් නවීනතම තොරතුරු තාක්ෂණික උපක්‍රම සහ සන්නිවේදනය පිළිබඳව මෙහිදි සාකච්ඡා කළහ.

වාර්ෂිකව පැවැත්වෙන මෙම මාණ්ඩලික සාකච්ඡාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දි යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජිත පිරිසක් සමඟ පැවැත්වීමට නියමිත අතර, එම සාකච්ඡාවන් වෙනුවෙන් පකිස්තානු දුත පිරිසට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සුභපැතුම් පිරිනමන ලදී.

මෙම හමුව අවසානයේ දී දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදුවිය.

පකිස්තානය සහ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ අතර, වාර්ෂිකව පැවැත්වෙන මෙම ද්විපාර්ශීක සාකච්ඡාවන් පුහුණු, උපකරණපාලක, වෘත්තීය සැලසුම්, පර්යේෂණ සංවර්ධන හා පරිපාලන අංශයන්හි ප්‍රවර්ධනයට බොහොසෙයින් ප්‍රයෝජනවත් වී ඇත.

jordan release date | NIKE