Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th November 2015 15:04:41 Hours

‘මන්දගල් ආරු’ පාලම වැසේ, සෙබලු බෝට්ටු භාවිතා කරමින් ගමනාගමන පහසුකම් සපයයි

පුනරීන්හි පිහිටි 66 වන සේනාංකයේ සෙබලුන් තම ජීවිත සම්බන්ධව අවදානමක් තිබියදීත්ඉරිදා (15) සවස මන්නාරම - යාපනය ප්‍රධාන මාර්ගය සම්බන්ධ කරන මන්දගල් ආරු පාලමටත් උඩින් පැමිණි මහා ජලකඳට මුහුණපාමින් බෝට්ටු සහ කුඩා ඔරු භාවිතා කරමින් ගඟ හරහා ගමන් කිරීමට පියවර ගත්හ. එසේම, 66 වන සේනාංකයේ සෙබලුන් විසින් ගෞතරපුරම්, ගානිමඩම්, කුමාරපුරම් සහ කාංචිපුරම් යන ප්‍රදේශවල ගංවතුර හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ජීවිතාරක්ෂක සහ සහන මෙහෙයුම්වල ද නිරත වී සිටියි. පොලිස් කණ්ඩායම් හා නාවික හමුදා කණ්ඩායම් ද මේ සඳහා සහයෝගය ලබාදෙන අතර, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජෙනරාල් අමල් කරුණාසේකරගේ අණදීම මත 66 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මගපෙන්වීමෙන්, ගංවතුර තත්වය නිසා කොටු වී සිටි ජනතාව බෝට්ටු ආදි ප්‍රවාහන මාධ්‍ය උපයෝගි කොට ගෙන ආරක්ෂිත ස්ථාන කරා රැගෙනඒමට කටයුතු කෙරිනි. එසේම ආපදාවට ලක් වූ සිය ගණනක් වූ ජනතාව වෙත කඩිනමින් පිසූ ආහාර, වෛද්‍ය පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් ආදි මූලික අවශ්‍යතා සපුරාදීමට යුද හමුදාව යුහුසුළුව ක්‍රියා කරනු ලැබීය. විකල්ප වාසස්ථාන ලබාදීමත්, ගංවතුරට හසුව ඇති ජනතාවගේ බඩුබාහිරාදිය බේරා ගැනීමටත් සෙබලු ක්‍රියා කළේ තම දුෂ්කරතාවයන් අමතක කොට දමමිනි.Sport media | Entrainement Nike