Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th June 2018 09:25:17 Hours

‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ ව්‍යාපෘතිය මගින් යුද්ධ හමුදා රෝහලේ දී වෘත්තීමය සූපවේදින් දැනුවත් කෙරේ

‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්’ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් බ්‍රහස්පතින්දා (07) දින නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර, එහිදී යුද්ධ හමුදා වෘත්තීමය සූපවේදින් හට ‘නිරෝගී ආහාර වේලක්’ පිළියෙල කරන ආකාරය පිළිබදව මනා දැනුමක් ලබාදුන්හ.

‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ ව්‍යාපෘතියට අදාළව සුපවේදි ක්‍රමවේදයන්, සෞඛ්‍යාරක්ෂිත ආහාරවේලක් පිලියෙල කිරීමේ ක්‍රමෝපායන්, නිවැරදි පෝෂ්‍යදායි ආහාර වේලක් සකසා ගැනීම, දියවැඩියාව හා බෝ නොවන රෝග සම්බන්ධව අධ්‍යාපන වැඩසටහන් සහ දේශන පවත්වනු ලැබීය.

‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ ව්‍යාපෘතියේ ප්‍රධානි බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඒ.එස්.එම් විජේවර්ධන සහ පෝෂණවේදි කුමුදුනි සතරසිංහ මහත්මිය විසින් බෝ නොවන රෝග පිළිබදවත් ඉන් මිදීමේ ආරක්‍ෂාකාරි ක්‍රමවේදයන් පිලිබඳවත් දීර්ඝ වශයෙන් කරුණු පහදා දෙන ලදි.

මේ සඳහා දිවයින පුරා ආරක්‍ෂක සේනා මූලස්ථානයන් නියෝජනය කරමින් නිලධාරින් සහ සෙසුනිලයින් 100 කට අධික පිරිසක් සමඟින් අනුරාධපුර 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසලේ සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයන්ට අනුයුක්ත වෘත්තීමය යුද්ධ හමුදා සූපවේදින්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

Sportswear Design | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf