Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2018 22:22:57 Hours

‘දියකාවා යුද අභ්‍යාසය IX – 2018’ මින්නේරියේ දී නිල වශයෙන් ඇරඹේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නවවන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර IX – 2018’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් 2500 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකු ඇතුළු විදේශීය හමුදා සාමාජිකයින් සහ නිරීක්ෂකයින් 100 කගේ සහභාගිත්වයෙන් සිකුරාදා (07) දින සිට නැගෙනහිර, මධ්‍යම, බටහිර සහ උතුරු මැද පළාත් ආවරණය කරමින් පැවැත්වීමට නියමිතය.

මෙම යුද අභ්‍යාසය මින්නේරිය මෙහෙයුම් මූලස්ථානයේ දී බ්‍රහස්පතින්දා (06) දින පැවැති උත්සවයකින් නිල වශයෙන් ආරම්භ වූ අතර, ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය සඳහා සහභාගීවීමට නියමිත නියොජිතයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මෙම විශේෂ පුහුණු මෙහෙයුම සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, ගුවන් සංග්‍රාමික බලසේනාවේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව නියෝජනය කරමින් යුද්ධ හමුදා සෙබළුන් 2500 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකු ඇතුළු ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, බ්‍රසීලය, චීනය, ප්‍රංශය, ජපානය, ඉන්දියාව, ඉන්දුනිසීයාව, මැලේසියාව, නේපාලය, නයිජිරීයාව, පකිස්තානය, රුසියාව, සිංගප්පුරුව, සුඩානය, තුර්කිය, එක්සත් රාජධානීය, ඇමරිකා එක්සත් ජනපදය සහ සිම්බාබ්වේ යන රටවල්හි විදේශීය හමුදා නියෝජිතයින් ද සහභාගි වේ.

මෙහිදි ක්‍රියාන්විත අභ්‍යාස විස්සක් පමණ ක්‍රියාවට යෙදවීම තුලින් සහභාගිවන දෙස් විදෙස් හමුදා භටයින්ට එම මුලික න්‍යායාත්මක ක්‍රමෝපායන් ප්‍රයෝගිකව අත්දැකීමට ද ඉඩ ප්‍රස්තාව සලසා දී ඇත.

දියකාවා යුද අභ්‍යාසයේ මෙම වසරෙහි අධ්‍යක්‍ෂක ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන කටයුතු කරන අතර, නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්‍ෂකවරුන් ලෙස කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ගුණරත්න සහ විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති කර්නල් විපුල ඉහළගේ කටයුතු කරනු ලබයි.

‘දියකාවා යුද අභ්‍යාසය අදියර IX – 2018’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුධ අභ්‍යාසය) හී අවසන් ප්‍රහාරාත්මක යුද අභ්‍යාසය සැප්තැම්බර් 26 වන දින කුච්චවෙලි ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව ඇත. Best Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK