Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st September 2018 17:33:27 Hours

‘දියකාවා යුද අභ්‍යාසය - 2018’ හි තවත් අභ්‍යාසයක් නෙළුම් පොකුණේ දී

‘දියකාවා’ ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ තවත් අදියරක් බ්‍රහස්පතින්දා (20) දින කොළඹ ‘නෙළුම් පොකුණ’ රඟහලේ දී පැවැත් වූ අතර, එහිදි සතුරන් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටි සිවිල් වැසියන් පිරිසක් නිදහස් කිරීමෙන් ඔවුන්ගේ නිර්භීතභාවය, ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ හැකියාවන් ප්‍රදර්ශනය කෙරිණි.

ප්‍රාණඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි ප්‍රභූවරුන් මුදවාගැනීමේ මෙහෙයුම් නිදර්ශනයේ දී, ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ විශේෂ මෙහෙයුම් මැදිරියේ විධානයන්ට අනුකූලව ක්‍රියාත්මක වූ හෙලිකෝප්ටර් යානා මෙහෙයුම්, නිරීක්‍ෂණ මෙහෙයුම්, පුහුණු සුනඛයින් යොදා ගනිමින් කරනු ලබන මෙහෙයුම් ආදි නිදර්ශක තුලින් භට පිරිස් සතු සුපරීක්‍ෂාකාරී සැලසුම් කිරීමේ හැකියාව, ධෛර්යය, අධිෂ්ඨානය සහ උපායශිලීත්වය වැනි හැකියාවන් සහ දක්‍ෂතාවයන් ප්‍රදර්ශනය කෙරිනි.

මෙම නිදර්ශන මෙහෙයුම නැරඹිම සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන, අතිගරු ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, ‘දියකාවා යුද අභාසයේ’ අභ්‍යාස අධ්‍යක්‍ෂක මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් ද එක්ව සිටියහ.

මෙම නිදර්ශන මෙහෙයුම ආරම්භ කිරීමට ප්‍රථම මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරීන් විසින් දැනුවත් කළ අතර, 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී විසින් අභ්‍යාසය නැරඹිම සඳහා පැමිණි අමුත්තන් වෙත අභ්‍යාස සැලැස්ම ද පැහැදිලි කරනු ලැබීය.

ඕනෑම ආරක්‍ෂක අභියෝගයක් ජයගැනීම සඳහා ඇති සුදානම ආත්ම විශ්වාසය මනාව ප්‍රදර්ශනය කරමින්, 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භට පිරිස් ගෙන් යුත් සෙබළුන් 8 දෙනෙකුගෙන් සැඳුම්ලත් කුඩා කණ්ඩායම් 18 ක් සහ නේපාල භට පිරිස් 4 දෙනෙකු එක්ව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 201 හෙලිකෝප්ටර් යානය උපයෝගී කර ගනිමින් ප්‍රාණඇපකරුවන් මුදාගැනීම සඳහා සතුරු බලප්‍රදේශය වට කරනු ලැබීය.

එම මුදාගැනීමේ මෙහෙයුමේ දී, සතුරන් විමතියට පත් කරමින් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම දැඩි නිරවද්‍යතාවකින් හා සුපරීක්‍ෂාකාරිත්වයෙන් යුක්තව දියත් කරනු ලබන ආකාරය නිදර්ශනාත්මකව පෙන්නුම් කරනු ලදී.Authentic Nike Sneakers | Air Jordan 1 Retro High OG University Blue - Gov