Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th September 2018 10:05:28 Hours

‘දියකාවා’ ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසය සඳහා විදේශීය හමුදා සාමාජිකයන් ද එක්වේ

‘දියකාවා’ 9 වන ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසය සැප්තැම්බර් මස 6 වන දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී ආරම්භ වු අතර සහභාගිවන විදේශීය හමුදා සාමාජිකයින් සහ නිරික්‍ෂකයින් සඳහා සෙනසුරාදා (8) දින යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂක හා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන විසින් මෙම ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසය පිළිබඳ සවිස්තරාත්මක දේශණයක් පවත්වන ලදී.

මෙම ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසය සඳහා විශේෂ බලකාය, කමාන්ඩෝ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් 2500 කට ආසන්න භට පිරිසක් සහභාගි වේ. ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසය පිළිබඳ හදුන්වාදීමේ සැසියෙන් අනතුරුව ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ අදියරයන් සැබැදිව විවිධ අදහස් හුවමාරු කරගන්නා ලදී. එමෙන්ම මෙම අභ්‍යාසය සඳහා සහභාගිවන්නන් හට සන්ධ්‍යාවේදී අලංකාරවත් සංස්කෘතික සංදර්ශණයක් ද දැකබලා ගැනීමට ද අවස්ථාව හිමිවේ.

චීනය, ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය, තුර්කිය, ඉන්දුනීසීයාව, නයිජීරීයාව, නේපාලය, සූඩානය සහ සැම්බියාව යන රටවල් නියෝජනය කරමින් විදේශීය හමුදා නිලධාරින් 22 දෙනෙකු සහ හමුදා සාමාජිකයන් 37 දෙනෙකු සෙනසුරාදා (8) වන දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය වෙත පැමිණියහ. Running sports | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals