Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th February 2017 12:06:43 Hours

‘ජාතික ශාරීරික යෝග්‍යතා සතිය’ සඳහා යුද හමුදාපති ඇතුලු සියලු නිලයින් දායක වේ

යුද හමුදා සාමජිකයින් තුල ශාරීරික යෝග්‍යතාව ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් යුද හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් සඳුදා (06) දින උදෑසන පනාගොඩ යුද හමුදා ජනපදයේ පිහිටි මුතුකුමාරු ක්‍රීඩාංගණයේ දි ශාරීරික පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.

ඒ අනුව යුද හමුදා ක්‍රිඩා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ මෙම විශේෂ වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි වූ අතර, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ආර්.වි. උඩවත්ත ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක රජය මඟින් ප්‍රකාශිත ජාතික ශාරීරික යෝග්යතා සතියට සමගාමිව යුද හමුදාව විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළහ. එම සතිය සඳුදා (06) දිනෙන් ආරම්භ වේ.

යුද හමුදා ක්‍රිඩා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් මෙහි පැමිණි ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පිළිගන්නා ලදි. ජාතික ධජය සහ යුද හමුදා ධජය පිළිවෙලින් යුද හමුදාපති සහ මේජර් ජෙනරාල් ආර්.වි. උඩවත්ත එසවිමෙන් අනතුරුව, යුද හමුදාපති විසින් මෙම අවස්ථාව ඇමතුහ.

බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, කොමිෂන් නොලත් නිලධාරීන්, සෙසු නිලයින් සහ යුද හමුදා විවිධ ක්‍රිඩා කණ්ඩායම්හි සාමාජිකයින් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 1000 කට අධික පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ.

jordan Sneakers | NIKE