Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th February 2017 09:58:04 Hours

‘ජාතික ශාරීරික යෝග්‍යතා සතියට’ සමගාමිව වැඩසටහන් කිලිනොච්චි, මුලතිව්, මධ්‍යම සහ යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන හිදී

දිවයින පුරා ක්‍රියාත්මක ජාතික ශාරීරික යෝග්‍යතා සතිය වෙනුවෙන් යුද හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් අද (06) උදෑසන පනාගොඩ යුද හමුදා ජනපදයේ පැවති ප්‍රධාන වැඩසටහනට සමගාමිව ආරක්ෂක සේනා මුලස්ථාන මට්ටමින් ද වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ ප්‍රධානත්වයෙන් එම ආරක්ෂක සේනා මුලස්ථානයේ දී ජාතික කොඩිය එසවිමෙන් අනතුරුව ජාතික ගීය ගයනා කරමින් එහි වැඩසටහන ආරම්භ කළ අතර, ඒ සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ යුද හමුදා සාමාජිකයින් සියගණනක් සහභාගි වූහ.

එමෙන්ම, පනාගොඩහි පැවති ශාරීරික පුහුණු වැඩසටහන හා සමානම ශාරීරික පුහුණු වැඩසටහනක් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානයේ දී පැවැත්විය. එහිදි ද ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කරමින් එදින වැඩසටහන ආරම්භ කරන ලදි.

මේ සඳහා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සෙබලුන් සිය ගණනක් සහභාගි වූහ.

කිලිනොච්චි හා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන යටතේ වන සේනාංක, බලසේනා සහ බලඇණි මේ සඳහා දායකත්වය දක්වන ලදි.

සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මීට අමතරව, එදිනම (06) පනාගොඩ ප්‍රධාන වැඩසටහන හා සමානම ශාරීරික පුහුණු වැඩසටහනක් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දි පවත්වන ලදි.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති සහ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික මෙම වැඩසටහන සඳහා සහභාගි වූ අතර, එහිදි ජාතික ධජය සහ ආරක්ෂක සේනා මුලස්ථාන ධජය එසවිමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කරමින් එදින වැඩසටහන ආරම්භ කරන ලදි.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මෙන්ම භට පිරිස් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන් හි භට පිරිස් ද මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ දී පැවති ශාරීරික පුහුණු වැඩසටහන, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ජාතික ධජය එසවිමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කරමින් ආරම්භ කරන ලදි.

මෙම වැඩසටහන සඳහා එම ආරක්ෂක සේනා මුලස්ථානයේ සෙබලුන් රැසක් සහභාගි වූහ.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන් ද, අදාල මුලස්ථානයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

Sports Shoes | Nike Shoes, Clothing & Accessories