Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd September 2017 23:02:04 Hours

‘ජාතික ක්‍රීඩා උළෙල - 2017’ හී ගිණි සිළුව රැගෙන යාමේ පාගමනට යුද්ධ හමුදාවේ අනුග්‍රාහය

හතලිස් තුන්වන ‘ජාතික ක්‍රීඩා උළෙල - 2017’ ට ප්‍රාරම්භකව ශ්‍රී ලංකාවේ නගර 200 ක් හරහා සංකේතාත්මකව ගිණි සිළුව රැගෙන යාමේ පාගමනට සහයෝගය දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් අද (22) දින උදෑසන ගාල්ල නගරයට ලඟා වු පාගමනින් ගිණි සිළුව මාතර නගරය දක්වා රැගෙන යාමට භාර ගත්හ.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව පාගමන ගමන් ගන්නා මාර්ගය අයත් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සම්බන්ධිකරණයෙන් සහ අනෙකුත් බලධාරින්ගේ සහයෝගයෙන් මෙසේ යාපනය නගරයේ සිට මාතර නගරය දක්වා ගිණි සිළුව රැගෙන යාමේ පාගමනට යුද්ධ හමුදා භට පිරිස් සහය දැක්වුහ.

ගාල්ල සිට මාතර දක්වා ගිණි සිළුව රැගෙන යාමේ පාගමනේ අවසන් අදියර වන අතර, ගිණි සිළුව ගාල්ල නගරයට ලඟා වු අවස්ථාවේ දී ප්‍රධාන අමාත්‍යතුමා සහභාගි කෙටි උත්සවයකින් යුද්ධ හමුදා නියෝජිතයින් සහ අනෙකුත් සංවිධායකයින්ට ගිණි සිළුව භාරදුන් අතර, ඒ අනුව ගිණි සිළුව රැගත් පාගමන මාතර නගරයට ලඟාවීමෙන් අනතුරුව ‘ජාතික ක්‍රීඩා උළෙල - 2017’ නිල වශයෙන් ආරම්භවීමට නියමිතය.

best shoes | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers