Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st September 2018 15:30:41 Hours

‘අවිබිමක ගිනියම’ කොකාවිල් ප්‍රහාරය අනුස්මරණය කෙරේ

2009 වර්ෂයට පෙර පැවති යුදමය වාතාවරණයට මුහුණදුන් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ වීරත්වය හා කැපකිරීම පිළිබඳ සඳහන් කරමින් යුද්ධ හමුදා නිලධාරියෙකු විසින් රචිත ‘අවිබිමක ගිනියම’ ග්‍රන්ථය සිකුරාදා (21) දින කොළඹ මහවැලි මධ්‍යස්ථානයේ දී එළිදක්වන ලදී.

මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ විසින් රචිත මෙම ග්‍රන්ථය එළිදැක්විමේ උත්සවය සඳහා 1990 වර්ෂයේ දී කොකාවිල් ත්‍රස්ථ ප්‍රහාරයෙන් දිවිගලවාගත් තිදෙනෙකු ඇතුළු සම්භාවනිය අමුත්තන් රැසක් සහභාගි විය. එම ග්‍රන්ථයේ මංගල පිටපත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත සහ පළමුවෙන්ම පරමවීර විභූෂණ පදක්කම (PWV) හිමිකරගත් දිවංගත කපිතන් සාලිය අලදෙණියගේ දයාබර මෑණියන් වෙත ද පිරිනමනු ලැබීය.

1990 වර්ෂයේ කොකාවිල් හි පිහිටි රූපවාහිනි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිටි කපිතන් සාලිය අලදෙණිය ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 54 දෙනෙකු සහ සිවිල් කාර්යමණ්ඩලයේ 4 දෙනෙකු ත්‍රස්ථවාදී ප්‍රහාර හමුවේ පුරා දින 26 ක් සතුරාට යටත් නොවි කඳවුර අතහැර පලා නොගොස් මියෙනතුරුම සටන් වැඳ රටවෙනුවෙන් තම ජිවිත පරිත්‍යාගයෙන් ක්‍රියාකල ආකාරය පිළිබඳව මෙම පොතේහි සටහන්ව ඇත.

මෙම උත්සවය සඳහා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය හා කළමණාකරන මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ආර්. පලිහක්කාර, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන අණසක ආඥාපති මේජර් ජෙනරාල් සනත් පෙරේරා, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරාල් ලයනල් කස්තුරිආරච්චි, දිලන්ත මාලගමුව මහතා, කොකාවිල් ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් දිවි බේරාගත් යුද්ධ හමුදා සාමාජිකයින් තිදෙනා (යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගොස් ඇත), දිවංගත කපිතන් සාලිය අලදෙණියගේ ආදරණිය මැණියන් වන ඉන්ද්‍රනි අලදෙණිය මහත්මිය ඇතුළු එම පවුලේ සාමාජිකයින්, හමුදා නිලධාරින්, සුභපත්නන්, හිතමිත්‍රාදින්, ආරාධිතයින් මෙන්ම මාධ්‍යවේදින් රැසක් ද එක්ව සිටියහ.jordan Sneakers | NIKE HOMME