Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th June 2018 13:04:13 Hours

හේමාස් අවුට්රීච් පදනමේ අනුග්‍රහය ඇතිව වන්නි භට පිරිස් තවත් පෙර පාසලක් ඉදිකරයි

මන්නාරමේ කල්ලිඅඩිහි ඉදිකරන ලද තවත් පෙර පාසලක් බ්‍රහස්පතින්දා (31) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සමඟින් හේමාස් අවුට්රිච් පදනමේ(Hemas Outreach Foundation) අධ්‍යක්ෂක සක්තා අමරතුංග මහතා සහ හේමාස් අවුට්රිච් පදනමේ විධායක අධ්‍යක්ෂිකා / සාමාන්‍යාධිකාරී සන්නිවේදන සහ තිරසාර සංවර්ධනය ශිරෝමි මාස්කෝරාල මහත්මිය විසින් විවෘත කරන ලදි.

හේමාස්අවුට්රිච්හි 'පියවර' ව්‍යාපෘතියට සමගාමිව ‘Spirit and Soul’ පදනමයටතේරුපියල් මිලියන 2.5 ක් වැය කරමින් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ උපදෙස් මත 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල ගලගමගේ ගේ අධික්ෂණයෙන් දින 26 ක් වැනි ඉතා කෙටි කාලයක් තුල මෙම පෙර පාසලේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට හැකියාව ලැබිණි.

ශ්‍රී ලංකාවේ කුඩා දරුවන්ගේ මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳව අවධානය යොමුකරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හා එක්ව හේමාස් සමුහ ව්‍යාපාරය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘පියවර’ සමාජ සත්කාරක ව්‍යාපෘතියට සමඟාමිව කුඩා ළමුන් සඳහා යෝග්‍ය වු පෙර පාසල් දිවයින පුරා ඉදිකරනු ලබන අතර මේ වන විට එම පෙර පාසල් හි කුඩා ළමුන් 3500 කට වැඩි පිරිසක් අධ්‍යාපනය හදාරනු ලබයි.

හේමාස් අවුට්රීච් පදනමේ ‘පියවර’ සමාජ සත්කාරක ව්‍යාපෘතිය මගින් මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවගේ දුෂ්කරතාවයන් පිළිබඳව හඳුනාගැනිමෙන් අනතුරුව මෙම පෙර පාසල ඉදිකිරීම සඳහා අමතර ශක්තියක් වැය කරන ලදි.

මෙම ඉදිකිරිම් කටයුතු 541 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ආර්.කේ.කේ.ටි බණ්ඩාර ගේ අධික්ෂණය යටතේ එම බලසේනා භට පිරිස් විසින් සිදු කරනු ලැබීය.

අනාගත පරම්පරාවේ යහපත උදෙසා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මෙම පෙර පාසලත් සමඟ පෙර පාසල් 5 ක්,එක් ප්‍රාථමික විද්‍යාලයක් සහ තවත් ප්‍රාථමික විද්‍යාල දෙකක් ඉදිකිරීමට නියමිතව ඇත.

spy offers | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret