Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th March 2018 14:57:14 Hours

හමුදාධිපති ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩලය විශේෂ චාරිකාවක

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව කණ්ඩායම් හැඟිම, අවබෝධය, කීර්තිය සහ සාමුහිකත්වය වර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදාධිපති ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩලයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් හා සිවිල් සේවකයින් ඇතුළුව 67 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රථම වතාවට මාර්තු මස 16, 17 සහ 18 යන දිනයන්හි විශේෂ සංචාරයක නිරත විය.

මෙම තෙදින සංචාරයේදී ඵෛතිහාසික, පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථාන, වාරිමාර්ග කාර්මාන්තය මෙන්ම ත්‍රාසජනක සහ අලංකාරවත් සංචාරක ආකර්ශණය දිනු ස්ථාන කිහිපයක් නැරඹු අතර මාදුරු ඔය විශේෂ බලකා පුහුණු පාසලේ පැවැති සිත්ඇඳගන්නා සුළු වැඩසටහන් මාලාවක් සහ ගිණිමැල සංදර්ශණයකින් වර්ණවත් වූ පළමු රාත්‍රිය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ද එක්ව සිටියහ.

හමුදාධිපති ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩලය විසින් යුද්ධ හමුදාධිපතිතුමන් ඉදිරියේ සංගීතමය සහ කලාත්මක හැකියාවන් ඉදිරිපත් කරමින් පැය කිහිපයක් පුරා විනෝදාස්වාදයට පත්වූහ. එමෙන්ම ඔවුන් මාඳුරු ඔය පුහුණු පාසලේ පැවැති ශාරීරික පුහුණු සැසියකට ද සහභාගි වී සාමුහිකත්වය වර්ධනය කරමින් විනෝද ජනක ක්‍රීඩාවන්හි ද නිරත විය.

මෙම සංචාරයේ දී මහනුවර දළදා මාලිගාව, වික්ටෝරියා ජලාශය, සොරබොර වැව, මාදුරු ඔය ජලාශය, පොළොන්නරු ගල් විහාරය යන අධ්‍යාපනික, සංස්කෘතික සහ ජාතික වශයෙන් වැදගත් ස්ථාන රැසක් නැරඹීමට අවස්ථාව සැලසිණි. මීට අමතරව හමුදාධිපති ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩලය සංචාරය නිමාකරමින් යළි කොළඹ වෙත පැමිණෙන අතරතුර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලබන ‘සිරිසර පිවිසුම’ ජාතික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ යුද්ධ හමුදාව විසින් දායකත්වය සපයනු ලබන චන්දන පොකුණ වැව ඇතුළු ව්‍යාපෘතින් රැසක් ද නරඹන ලදී.

සර්පයන් හැසිරවීම, ශාක සහ පැළෑටි, වෙඩි තැබීමේ ආදර්ශන, වාරි ඉංජිනේරු ශිල්පය පිළිබඳ දැනුම් සම්භාරයක් ද බෝට්ටු සවාරි ඇතුළු විවිධ ත්‍රාසජනක අත්දැකීම් රැසක් ද මෙම සංචාරයේදී ඔවුන් හට ලබාගැනිමට හැකිවිය.

මෙම සංචාරය සඳහා යුද සේවා සහකාර කර්නල් උදය කුමාර, කර්නල් හමුදාධිපති ලේකම් කර්නල් ප්‍රසන්න විජේසුරිය සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

Sportswear free shipping | Ανδρικά Nike