Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th October 2016 08:17:46 Hours

සුළුතර ගැටළු පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු යාපනය ආඥාපති හමුවෙයි

සුළුතර ගැටළු පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු රිටා ඉසාක්නදියේ මහත්මිය සහ තවත් නියෝජිතයින් දෙදෙනාගේ උතුරු සංචාරයේ දී බදාදා (12) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

එහිදි යාපනය ආරක්ෂක සේනා ආඥාපති විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම, ජාතිය ගොඩනැගිම තුළ හමුදා මැදිහත්විම හා සංහිඳියා ඇති කිරීම සඳහා ගෙන ඇති පියවර ආදිය පිළිබඳ අවධානය යොමු කරමින් මානුෂීය ව්‍යාපෘති සහ අර්ධද්වීපයේ ආරක්ෂක කටයුතු පිළිබඳ කරුණු පැහැදිලි කරන ලදි.

එම සුහද හමුව අවසානයේ දී යාපනය ආරක්ෂක සේනා ආඥාපති විසින් මෙම නියෝජිතයින් වෙත සමරු තිළිණ ද ප්‍රදානය කරන ලදි.

අනතුරුව සුළුතර ගැටළු පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු රිටා ඉසාක්නදියේ විසින් නික්මයාමට ප්‍රථම කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි අත්සන් තැබීමට ද අමතක නොකළහ.

affiliate tracking url | Nike Releases, Launch Links & Raffles