Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd April 2019 15:46:46 Hours

සුහද සාකච්ඡාවකින් අනතුරුව මහනුවර මහරෝහලේ පැරණි යුද්ධ හමුදා වාට්ටුව නැවතත් යුද්ධ හමුදා අයිතියට

මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් තිස්ස නානායක්කාර අතර පැවති සුහද සාකච්ඡාවෙන් අනතුරුව මහනුවර මහ රෝහලේ මේ වනවිට සිවිල් ජනතාව භාවිතා කරන යුද්ධ හමුදාව සතුව තිබු වාට්ටුව නැවත යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදී ඇත.

කන්ද උඩරට පිහිටි මෙම ප්‍රධාන රෝහලේ යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා වාට්ටුවක් වෙන්කර නොතිබූ බැවින් දැඩි දුෂ්කරතාවයන්ට සහ අපහසුතාවයකයට මුහුණ දීමට යුද්ධ හමුදා සාමාජිකයින්ට සිදුවී තිබුණි. තවද, මෙම රෝහලේ ප්‍රතිකාර ලබන විවිධ රෝගීන් හේතුවෙන් යුද්ධ හමුදා සාමාජිකයින් විවිධ රෝගාබාධවලට ගොදුරුවීමේ ප්‍රවණතාවයක් ද දක්නට ලැබුණි.

උද්ගතව ඇති මෙම තත්ත්වය අවබෝධ කරගැනීමෙන් පසු මෙම වාට්ටුව නැවත යුද්ධ හමුදාව වෙත පවරා ගැනීම සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ වෛද්‍ය සමන් රත්නායක මහතා අතර පැවති සාකාච්ඡාවකින් අනතුරුව 2019 මාර්තු 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවතවරක් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා මෙම වාට්ටුව වෙන්කර ඇති බව රෝහල් අධ්‍යක්‍ෂවරයා විසින් ප්‍රකාශ කර ඇත.

අනතුරුව, යුද්ධ හමුදා නිලධාරීන් පිරිසක් අධ්‍යක්‍ෂවරයා වෙත සිය කෘතඥතාව පළ කිරීම සඳහා සඳුදා (1) දින රෝහල වෙත පැමිණි අතර එහිදි යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා වෙන් කර ඇති වාට්ටුව භාවිතා කිරීමට පෙර භාවිතය සඳහා සුදුසු පරිදි තිබේද යන්න නිරීක්‍ෂණය කරන ලදි.Mysneakers | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp