Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th August 2017 21:05:45 Hours

සුහද පාපන්දු තරඟයේ ජය සිවිල් ක්‍රීඩා සමාජයට

සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර සුහදත්වය සහ අන්නෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ යෝජනාවකට අනුව ‘සාමය හා සංහිඳියාවට පාපන්දු’ යන මැයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයින් අතර, සුහද පාපන්දු තරඟාවලියක් සිකුරාදා දින (11) පැවැත්විණි.

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ උපදෙස් අනුව 661 වන බලසේනාව සහ 15 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් පල්ලිකුඩා ‘ජොලි බෝයිස්’ ක්‍රීඩාංගනයේ දී මෙම සුහද පාපන්දු තරඟය පවත්වන්නට යෙදුණි.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ පාපන්දු කණ්ඩායමත් පල්ලිකුඩා ‘ජෝලි බොයිස්’ ක්‍රීඩා කණ්ඩායමත් තරඟයේ දෙවැනි වටයේ දී ක්‍රිඩා ලෝලීන් , සාමාන්‍ය වැසියන් සහ ආරක්ෂක හමුදා සාමාජිකයින් රැසක් මැද තියුණු ලෙස තරඟ වැදුණු දක්නට ලැබුණි.

මෙහිදි, ‘ජෝලි බෝයිස්’ ක්‍රීඩා කණ්ඩායම ප්‍රතිවාදී විජයබාහු පාබල කණ්ඩායමට එරෙහිව ගෝල 2 ක් ලබමින් ජයග්‍රහණයට හිමිකම් කීහ. ජයග්‍රාහි කුසලාන පිරීනැමීමේ උත්සවයට කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් බිමල් විදානගේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.

ත්‍යාග ප්‍රදාන උත්සවය අතරතුර, අංගම් පොර සටන් කලා ප්‍රදර්ශනයක් ප්‍රේක්ෂකයින් ප්‍රබෝදයට පත් කිරීම සඳහා පැවැත් වු අතර, උත්සවය අවසානයේ පුනරීන් ප්‍රදේශයේ පාසල් 5 ක ළමුන් සඳහා පාසල් පොත් සහ උපකරණ ප්‍රදානය කිරීමක් ද සිදු විය.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 651, 661 සහ 663 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් ද සිවිල් වැසියන් සහ පාපන්දු ක්‍රීඩා ලෝලීන් රැසක් ද තරඟය නැරඹීම සඳහා පැමිණ සිටියහ.

latest Running Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News