Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2018 13:46:44 Hours

සුනාමි පෙරහුරුව සඳහා යුද්ධ හමුදා භට පිරිස් හි සහාය

ජාතික ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සුනාමි පෙරහුරු වැඩසටහනක් මුලතිව් වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේදී පවත්වන ලද අතර ඒ සඳහා යුද්ධ හමුදා ක්‍රියාන්විත මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යයන්ත රාජගුරු ගේ උපදෙස් පරිදි හමුදා සහ ශ්‍රී ලංකා පොලිසීයේ පොලිස් සාමාජිකයින්ගේ සහයෝගය ද ලබාදෙන ලදී.

ජාත්‍යන්තර සුනාමි අනතුරු ඇඟවීමේ වැඩසටහනට සමඟාමීව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් බදාදා (5) දින දිවයින පුරා සුනාමි අනතුරු ඇගවීම් ලබාදෙමින් ක්‍රියාත්මක කරන ලද මෙම පෙරහුරු වැඩසටහන් සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලීසිය සහ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හි රාජ්‍ය නිලධාරින් සහභාගි විය.

මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිව් වෙරළාශ්‍රිතව පවත්වන ලද සුනාමි ගලවා ගැනිමේ පෙරහුරු වැඩසටහන සඳහා හමුදා සාමාජිකයන් 120 දෙනෙකු සහ පොලිස් නිලධාරින් හා වෙරළාශ්‍රිත ප්‍රදේශයන් හි ජිවත් වන ප්‍රදේශවාසින් විශාල පිරිසක් සහභාගි වු අතර මුලතිව් දිස්ත්‍රික් ලේකම්තුමිය විසින් මෙම පෙරහුරුව සම්බන්ධව හා හදිසි තත්වයකදී ගත යුතු ආරක්‍ෂිත ක්‍රියාමාර්ගයන් පිළිබඳවත් දැනුවත් කරන ලදී.

දිවයින පුරා පැවති මෙම සුනාමි පෙරහුරුව සඳහා අම්පාර, ගාල්ල සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි යුද්ධ හමුදා භට පිරිස් හි දායකත්වය ලබාදුන් අතර මුලතිව් ප්‍රදේශයේ පවත්වන ලද සුනාමි පෙරහුරුව සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපති, 681 වන බලසේනාංකයේ බලසේනාංකාධිපති, නිලධාරින් සහ රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි විය. Sportswear Design | Nike Running