Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2019 15:11:15 Hours

සිලෝන් බිස්කට් ආයතනයේ අනුග්‍රහකත්වයෙන් යුද්ධ හමුදාව විසින් ඉදිකරනු ලැබූ පදවි - ශ්‍රීපුර විද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණ ඒකකය විවෘත කෙරේ

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංක මූලස්ථානයට අයත් 622 වන බලසේනාවේ සම්බන්ධිකරණයෙන් පදවි - ශ්‍රීපුර ජයන්ති මහා විද්‍යාලයේ පරිගණක 6 කින් සමන්විත නව තොරුතුරු තාක්‍ෂණ ඒකකයක් සිලෝන් බිස්කට් ආයතනයේ අනුග්‍රහකත්වයෙන් ඉදිකරන ලදී.

මෙම ව්‍යාපෘතිය සිලෝන් බිස්කට් ආයතනයේ ‘මන්චි ගමට සරණ’ වැඩසටහනට සමගාමීව රුපියල් ලක්‍ෂ 3.5 ක මූල්‍යමය දායකත්වය ඇතිව යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් සිදුකරනු ලැබු අතර නවතමයෙන් ඉදිකරනු ලැබු තොරතුරු තාක්‍ෂණ ඒකකය 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දම්මික ජයසිංහ, සිලෝන් බිස්කට් ආයතනය නියෝජනය කරමින් සහභාගි වූ සිලෝන් බිස්කට් ආයතනයේ වෙළඳ කළමණාකාර විජිත නිශාන්ත මහතා, 622 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සාලිය අමුණුගම, 622 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ලුතිනන් කර්නල් සුනිල් ජයරත්න, 9 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මංජුල ද සිල්වා, ගුරුවරුන් සහ සිසුන් රැසකගේ සහභාගීත්වයෙන් සඳුදා (14) දින පැවැති උත්සවයකදී පාසලේ විදුහල්පතිතුමන් වෙත භාරදෙන ලදී.

622 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සාලිය අමුණුගම, 622 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ලුතිනන් කර්නල් සුනිල් ජයරත්න සහ 9 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් මංජුල ද සිල්වා ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කරනු ලැබු නව තොරතුරු තාක්‍ෂණ ඒකකය විවෘත කිරීමේ උත්සවයේ පිළිගැනීමේ අවස්ථාව හින්දු ආගමික සම්ප්‍රදායානූකූලව පැවැත්විණි.

නවතමයෙන් ඉදිකරනු ලැබු තොරතුරු තාක්‍ෂණ ඒකකය විවෘත කිරීමේ අවස්ථාවේදී පාසල් සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා සිලෝන් බිස්කට් ආයතනයේ පරිත්‍යාගශීලින් විසින් නව පරිගණක 6 ක් ප්‍රදානය කළහ. trace affiliate link | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp