Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th April 2017 16:46:14 Hours

සමාජ විරෝධී ක්‍රියා අවම කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක්

කුරුවිට පිහිටි ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේදී පසුගියදා සමාජ විරෝධී ක්‍රියා අවම කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක් නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් එම රෙජිමේන්තු දේශණ ශාලාවේදී පවත්වන ලදි.

රෙජිමේන්තු අධිපතිගේ ඉල්ලීමකට අනුව අනුරාධපුර පොලිස් සේවාස්ථ පුහුණු ඒකකයේ පුහුණු උපදේශක ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ඩබ්. කීර්ති ජයන්ත මහතා විසින් මෙම විශේෂ දේශණය මෙහෙයවීය.

ගැමුණු හේවා බලකායේ නිලධාරීන් 28 ක් සහ සෙසු නිලයින් 360 ක් සහභාගි වූ මෙම වැඩසටහනේ දී ළමා ආරක්ෂාව, සමාජ විරෝධී ක්‍රියා, සමාජ වටිනාකම්, සෙබලුන්ගේ දැවෙන ගැටලු සහ යහපත් පවුල් සංස්ථාවක් ගොඩනැඟිම වෙනුවෙන් උපදෙස් පිළිබඳව දැනුවත් කළහ.

මෙහි දී නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්.ආර්.කේ.ඩබ්.බි. පින්නවල විසින් ස්තුති කතාව සිදු කළ අතර, ප්‍රධාන පොලිස් පරික්ෂක එච්. ඩබ්. කීර්ති ජයන්ත මහතා වෙත ඇගයීමක් ලෙස සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදි.

affiliate tracking url | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ