Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2019 14:57:26 Hours

සමස්ථ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය කොළඹ 3 වෙත ගෙන යන ලදී

පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේ පිහිටි සමස්ථ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය එහි අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මූලිකත්වයෙන් කොළඹ 03 යන ස්ථානයේ පිහිටි නව ස්ථානය වෙත ගෙන යන ලදී.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් සිදු කරනු ලබන සමස්ත ආරක්ෂක මෙහෙයුම් සඳහා නව ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය අංක 146, කොළඹ 3 හි පිහිටුවා ඇත.

සමස්ථ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධීකරණය කිරීම සඳහා ස්ථාපිත කරන ලදී.

මෙහිදි පැවති කෙටි ආගමික උත්සවයකින් අනතුරුව නව කාර්යාලය විවෘත කරනු ලැබීය. latest Nike Sneakers | Asics Onitsuka Tiger