Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th September 2018 18:17:31 Hours

සතුරන් ජීවග්‍රහනයෙන් අල්ලා ගැනීමට සැඟවුණු වෙඩික්කරුවන් සහිත තවත් ආදර්ශ මෙහෙයුම් දෙකක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආරම්භ කරනු ලැබු ක්‍ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසය (FTX), ‘දියකාවා යුද අභ්‍යාසය - 2018' හි උච්චතම අවස්ථාවට ළං වෙමින් තවත් ආදර්ශ මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක වූ අතර එහිදී ජීවග්‍රහනයෙන් සැඟව සිටින සතුරන් අල්ලා ගැනීම පිළිබඳ නිදර්ශන මෙහෙයුම් අභ්‍යාසයක් තලේ මන්නාරම සහ ආන්දන්කුලම් යන ප්‍රදේශ වලදී සඳුදා (17) දින ක්‍රියාත්මක කෙරිණි.

කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළුන් අටකගෙන් සැදුම්ලත් කුඩා කණ්ඩායම් 3ක් සිය කැපවීම සහ ආත්ම විශ්වාසය, නම්‍යශීලිත්වය, ක්‍ෂණිකව ක්‍රියාත්මක වීම හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව උපාය මාර්ගිකව භාවිතා කරමින් ආදර්ශ යුද පුහුණු අභ්‍යාසයේ ඔවුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරනු ලැබීය.

මේ අතර, සතුරු බලප්‍රදේශවල සැඟවුන වෙඩික්කරුවන් ක්‍රියාත්මක වෙමින් සතුරු භූමියක ක්‍රියාත්මක වන ආකාරය නිදර්ශනය කරමින් කඩ්ඩමුරිප්පුකුලම් ප්‍රදේශයේ සඳුදා (17) දින නිදර්ශන පුහුණු අභ්‍යාසයක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම මෙහෙයුම සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ අටදෙනෙකුගෙන් සැදුම්ලත් කුඩා කණ්ඩායම් 4ක් සහ ඉන්දුනීසියාවේ සැඟවුන වෙඩික්කරුවන් ඇතුළුව විදේශීය යුද්ධ හමුදා සාමාජිකයින් 4 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායම් අටක්, ක්‍ෂේත්‍ර යුධ පුහුණු අභ්‍යාසයේ අධීක්‍ෂණ කාර්ය මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ ආදර්ශ පුහුණු ක්‍රියාන්විතයෙහි සහභාගී විය.Running sport media | Air Jordan Release Dates Calendar