Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th December 2018 15:06:50 Hours

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ දී යුද්ධ හමුදා සාමාජිකයින්ට පුහුණු වැඩමුළුවක්

බටහිර ආක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 32 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් තුමන්ගේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව (SLRC) විසින් පවත්වනු ලැබු කැමරාකරණ, අලෝකකරණය සහ සංස්කරණය පිළිබඳ දින 10 ක පුහුණු වැඩමුළුවක් නොවැම්බර් මස 26 දින සිට දෙසැම්බර් මස 7 දින දක්වා පවත්වනු ලැබීය.

මෙම පුහුණු වැඩමුළුව සඳහා විශේෂ අවධානයක් යොමුකරමින් ගාල්ල ප්‍රදේශයේ ස්ථානගත 58 වන සේනාංක මූලස්ථානය වෙතින් යුද්ධ හමුදා සාමාජිකයින් 15 දෙනෙකු යොමු කර තිබිණි.

මෙම පුහුණු වැඩමුළුවේ සමාප්ති උත්සවය ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ දී එහි අධ්‍යක්‍ෂ ජෙනරාල් සාරංග විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර අධ්‍යක්‍ෂ පර්යේෂණ හා පුහුණු ටී.එම්.ජි. චන්ද්‍රසේකර මහතා, 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ උපදේශකවරුන් ද එක්ව සිටියහ.Nike Sneakers | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys