Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th December 2018 07:54:28 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සුභසාධන කාර්යභාර්යට මූල්‍යමය පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ චීන මහජන සමුහාණ්ඩු තානාපති කර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් චැන්ගි ක්වාන් ජින් (Lieutenant Colonel Chang Qian Jin) අඟහරුවාදා (11) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවූ අතර එහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මැතිණිය හමුවිය.

චීන නියෝජත සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර මෙම සුහද හමුවේ දී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් යුද්ධ හමුදා රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සිදු කරනු ලබන සුභසාධන ව්‍යාපෘතින් සඳහා රුපියල් මිලියන 4.8 ක මූල්‍යමය පරිත්‍යාගයක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මැතිණිය වෙත ප්‍රදානය කරනු ලැබීය.

මෙම සුහද හමුව අවසානයේ සහයෝගීත්වය අගය කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් චීන සමූහාණ්ඩු තානාපති කර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් චැන්ගි ක්වාන් ජින් (Lieutenant Colonel Chang Qian Jin) වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්‍රදානය කළහ. Nike Sneakers | Nike Shoes