Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2017 10:02:17 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනා වෝලිබෝල් සහ දැල්පන්දු තරඟාවලිය -2017

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාව විසින් සංවිධානය කරනු ලබන 2017 - අන්තර් රෙජිමේන්තු වෝලිබෝල් තරඟාවලිය සහ අන්තර් බළඇණි දැල්පන්දු තරඟාවලිය ජුනි මස 23 සිට 25 දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩංගනයේ සහ මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේ පැවති මෙම තරඟාවලියේ අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සහභාගි වුහ.

පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩංගනයේ පැවති අන්තර් බළඇණි දැල්පන්දු තරඟාවලියේ ශූරතාවය 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය හිමි කරගත් අතර, 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සහ 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය පිළිවෙළින් අනුශූරතාවය සහ තුන්වන ස්ථානය හිමි කරගත්හ.

එමෙන්ම, අන්තර් රෙජිමේන්තු කාන්තා වෝලිබෝල් තරඟාවලිය සඳහා කණ්ඩායම් 6 ක් සහභාගි වු අතර, 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් ශූරතාවය හිමි කරගන්නා ලදී. එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායම අනුශූරතාවය හිමි කරගත් අතර, 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ක්‍රීඩිකාවන් තුන්වන ස්ථානය හිමි කරගනු ලැබීය.

පිරිමි අංශයේ වෝලිබෝල් තරඟාවලියේ දී ‘ඒ’ කාණ්ඩය යටතේ කණ්ඩායම් 13 ක් තරඟ වැදුණු අතර, එහිදි ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව, ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව පිළිවලින් පළමු , දෙවන සහ තුන්වන ස්ථාන හිමි කරගත්හ.

එහිදි පැවති සුපර් ලීග් වටය සඳහා සහභාගි වු කණ්ඩායම් 8 ක් අතරින් ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් ශූරතාවය හිමි කරගත් අතර, ඉංජිනේරු සේවා බලකා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායම් විසින් පිළිවලින් දෙවන සහ තුන්වන ස්ථාන හිමි කරගනු ලැබීය.

මෙම උත්සවයට සමගාමිව ස්වේච්ඡා ඒකක හා පුහුණු පාසල් අතරද, ස්වේච්ඡා බළසේනා මුලස්ථානයේ ශාඛා හා අංශ ආයතන අතර වාර්ෂිකව පවත්වන එස් 5 සංකල්පය ක්‍රියාත්මක කිරිමේ තරඟාවලියේ ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය මෙම අවස්ථාවේදි සිදු කරනු ලැබුහ. තවද එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාව යටතේ හොඳම ඒකකය ලෙස 19 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව හිමි කරගත් අතර, 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණිය සහ 5 වන (ස්වේච්ඡා) සිංහ රෙජිමේන්තුව පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථාන හිමි කරගන්නා ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනා මුලස්ථාන ශාඛා/ අංශ අතරින් එස් 5 සංකල්පය ක්‍රියාවට නැංවු හොඳම ශාඛාව ලෙස ‘ප්‍රධාන මාණ්ඩලික ශාඛාව’ තේරිපත් විය.

Sports Shoes | Nike Air Force 1 , Sneakers , Ietp STORE