Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th April 2019 14:30:53 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා අරමුදලට මුදල් රැස්කිරීමේ අරමුණින් නෙළුම් පොකුණේ දී පැවැති වැඩසටහනට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහාය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා සාමාජිකයින්ගේ සුභසාධන ව්‍යාපෘතින් සඳහා ස්වේච්ඡා බලසේනා අරමුදලට මුදල් රැස්කිරීම අරමුණින් ක්ලිෆර් රිචර්ඩ්ස් ඇතුළු කීර්තිමත් කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් සංගීත රාත්‍රියක් නෙලුම් පොකුණ රඟහලේ දී පසුගිය ඉරිදා (07) දින පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි චන්ද්‍රිකා සේනානායක මහත්මිය ද සහභාගි වූහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් එල්.එෆ්. කස්තුරිආරච්චි ගේ පූර්ණ අධික්‍ෂණය යටතේ සහභාගී වූ කලාකරුවන් සමඟ සහයෝගයෙන් යුතුව මෙම සංගීත ප්‍රසංගය පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරාධිතයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. jordan Sneakers | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival