Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th July 2017 10:15:12 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්ෂාධිපති ලෙස රාජකාරි කරනු ලබන බ්‍රිගේඩියර් ගාමිණි සිරිසේන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 8 වන බලකාධිපති ලෙස පසුගිය දා පොල්හෙන්ගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී රාජකාර භාරගනු ලැබීය.

එහි පැමිණි නව බලකාධිපති පිළිගැනීම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් සිදු කරන ලද අතර, එම රෙජිමේන්තු භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් ද පිරිනැමූහ.

ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණවලට අත්සන් තබමින් නව බලකාධිපති රාජකාරි භාරගැනීමෙන් අනතුරුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගිවිම මෙන්ම මෙම අවස්ථාව සිහිගන්වමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපනය කිරීම ද සිදු කෙරිනි.

Buy Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News