Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2017 22:50:51 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරු සැමරුම අභිමානවත් අයුරින්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීමානවත් පාබල රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල රෙජිමේන්තුව මීට වසර 136 කට පෙර එනම් වර්ෂ 1880 දී යටත් විජිතවාදි යුගයේ දී ලංකා පාබල හමුදාව (Ceylon Light Infantry) ලෙස ආරම්භ වූ අතර, වර්ෂ 1989 දී සියල්ල සම්පුර්ණ පාබල රෙජිමේන්තුවක් බවට පත්විය.

එසේ පාබල රෙජිමේන්තුවක් බවට පත්වී වසර 28 ක් සපිරිම නිමිත්තෙන් දශක තුනක් පුරා පැවති ත්‍රස්තවාදි සටන්වලදි මව්බිම වෙනුවෙන් තම ජිවිත කැපකල පාබල හමුදා වීරෝදාර විරුවන් සිහිකිරීම සෙනසුරාදා (21) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

පාබල හමුදා රණවිරු සැමරුම් උත්සවය අභිමානවත් පාබල හමුදා රණවිරු ස්මාරකය අභියස දී ආරම්භ වූ අතර, 2015 වර්ෂයේ දී ඉදිකරණ ලද උසින් අඩි 80 ක් වන මෙම රණවිරු ස්මාරකය දකුණු ආසියානු කලාපයේ විශාලතම රණවිරු ස්මාරකය ද වේ.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පාබල හමුදා රෙජිමේන්තු අධිපති සමඟින් රණවිරු ස්මාරකය පාමුල පුෂ්පෝපාහාර දක්වන ලද අතර, අනතුරුව හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික), ශ්‍රී ලංකා පාබල හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රට වෙනුවෙන් දිවිපිදු ශ්‍රී ලංකා පාබල හමුදා විරුවන්ගේ දෙමාපියන්, දු දරුවන් සහ ළගම ඥාතීන් ද රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදී.

තඹ ලෝහමය ආධාරකයක් මත දිවිපිදු රණවිරුවන් අහස්ගැබේ දී දෙව්ලොව හා එක්විම පිළිබඳ විශ්වාසය සංකේතවත් කරමින් අහසට නෙරා ඉදිකර ඇති සමාන්තර ස්ථම්භ 03 කින් සමන්විත රණවිරු ස්මාරක ගැබේහි පිහිටි විශේෂ කෞතුකාගාරය ද යුද්ධ හමුදාධිපතිතුමා විසින් නැරඹූහ.

මෙම අවස්ථාවට සපැමිණි එම විරෝධාර රණවිරුවන්ගේ ළඟම ඥාතීන් සමඟ පිළිසදරක නිරතවීමට ද යුද්ධ හමුදාධිපතිතුමා එහිදි අමතක නොකළහ.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ගේ පුර්ණ අධික්ෂණය සහ මඟපෙන්විම යටතේ මෙම උත්සවය පවත්වන ලදි.

Nike air jordan Sneakers | nike fashion