Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th January 2019 08:00:52 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා ජාතික ආරක්‍ෂක බළමුළු පුහුණු පාසලේ පාඨමාලා අංක 23 සහ 24 සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් 543 ක් විසිර යති

හේනානිගල, ශ්‍රි ලංකා යුද්ධ හමුදා ජාතික ආරක්‍ෂක බළමුළු පුහුණු පාසලේ පාඨමාලා අංක 23 සහ 24 යටතේ සාර්ථකව මූලික පුහුණුව ලද යුද්ධ හමුදා සාමාජිකයින් 543 දෙනෙකු 2018 දෙසැම්බර් 29 දින සිය පාඨමාලා අවසානයේ විසිර ගියහ.

මෙහිදි ඔවුන්ගේ දක්‍ෂතා අගයමින් වර්ණ ප්‍රධාන උත්සවයක්ද එම පුහුණු පාසලේ දී පැවැත්විනි. පුහුණු පාසලේ සේනාවිධායකගේ ආරාධනයකට අනුව මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 23 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කපිල උදළුපොල සහභාගි වූ අතර ශාරීරික අභ්‍යාස සංදර්ශණයක් සහ තූර්ය වාදන සංදර්ශණයකින් මෙම උත්සවය වර්ණවත් විය

ප්‍රධාන උපදේශක මේජර් යු.එච්.ටී.එන් පෙරේරා, රෙජිමේන්තු සැරයන් මේජර්, සරඔ උපදේශකයින් සහ ප්‍රධාන ශාරීරික අභ්‍යාස පුහුණුකරු ඇතුළු උපදේශක මණ්ඩලයක් යටතේ මාස 06 ක කාලයක් තුළ සරඹ පහුණු වීම්, ක්ෂේත්‍ර පුහුණු වීම්, සුළු උපක්‍රම, ශාරීරික පුහුණුව, සිතියම් කියවීම සහ ක්‍රීඩා පිළිබඳ නිපුනත්වය මෙම පුහුණුව තුළින් නවකයින් වෙත ලබා දෙන ලදි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින්, දෙමාපියන්, ඥාතීන් සහ මිතුරන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගි වූහ. Nike Sneakers Store | Sneakers