Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th July 2017 17:13:24 Hours

විශේෂ බලකායේ සංග්‍රාමික කිමිදුම්කරුවන් වර්ණවත් පෙළපාලියකින් විසිරයති

මෑතක දි මුලතිව්, නයාරු හි ස්ථාපනය කළ විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේහි (SFCDTS) පුහුණුව ලැබූ පුහුණුලාභීන් 38 දෙනෙකු අඟහරුවාදා (18) දින එම පුහුණු පාසලේ පැවති වර්ණවත් විසිරයාමේ පෙළපාලියක දී විසිරයන ලදි.

කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, සති 12 ක කාලසීමාවක් පැවති මෙම සංග්‍රාමික කිමිදුම් පුහුණු පාඨමාලාව අංක 4 සාර්ථකව හැදැරූ සියලුම නිලයින් සඳහා පදක්කම් සහ සහතික පත් ද එහිදි පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාවට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා, විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ විසින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන පිඨිකාව වෙත කැඳවාගෙන ගිය අතර එම අවස්ථාවට විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේහි ප්‍රධාන කිමිදුම් නිලධාරී මේජර් එස්.ඩි.එල්.ඒ කුමාර ද එක්ව සිටියහ. මෙම පෙළපාලිය ශාරිරීක අභ්‍යාස සරඹ හා සංග්‍රාමික කිමිදුම් නිදර්ශනවලින් ද සමන්විත විය.

විශේෂ බලකා භට පිරිස් 1991 වර්ෂයේ දී නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රියාන්විතයක් සඳහා ගමන් කරමින් සිටි අවස්ථාවේ දී අධික වර්ෂාව හේතුවෙන් කන්ජිකුඩිආරු ඔය ජලයෙන් පිරී ගොස් තිබූ අතර එහිදි එම අධික සැඩ පහර තරණය කිරිමේ දී භට පිරිස්හි ඇති හැකියාව පිළිබඳව අවබෝධ කර ගත් ඒ අතර සිටි විශේෂ බලකායේ නිර්මාතෘ මේජර් ජෙනරාල් ගාමිණි හෙට්ටිආරච්චි (විශ්‍රාමික) විශේෂ බලකාය තුල කිමිදුම් කණ්ඩායමක් ස්ථාපනය කිරිමේ වැදගත්කම අවබෝධ කර ගැනීමෙන් පසු ඒ සඳහා අවශ්‍ය මූලික පියවර ගන්නා ලදි.

2 වන විශේෂ බලකායේ ලාන්ස් කෝප්‍රල් එල්.එස්.ඒ.එස් විජේනායක දක්ෂතම ශාරිරීක අභ්‍යාස සිසුවා ලෙසත්, කෝප්‍රල් ආර්.කේ.කේ රාජපක්ෂ දක්ෂතම පිහිණුම් සිසුවා ලෙසත්, එම බලකායේම කපිතාන් ඒ.එම්.එල්.කේ අත්තනායක පාඨමාලාවේ දක්ෂතම සිසුවා ලෙසත් සම්මාන ලැබීය.

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපිඨයේ සහ ඉන්දීයාවේ පුහුණුව ලැබූ ගුවන් හමුදා සාමාජිකයින් කිහිපදෙනෙකු ද ඇතුලුව නිලධාරීන් 65 දෙනෙකු සහ සෙසු නිලයින් 1006 දෙනෙකු මේ වන විට මෙම පාඨමාලාව සාර්ථකව හදාරා ඇත.

මෙම විසිරයාමේ පෙළපාලියේ අණදීම මේජර් එම්.ඒ.ජේ මැණික්අච්චි විසින් ද, පෙළපාලියේ දෙවන අණදෙන්නා ලෙස කපිතාන් වි.පී.ඩි.පි විතාන ද කටයුතු කරන ලදි.

මෙම අවස්ථාව සිහිගන්වමින් ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පැළයක් රෝපනය කළ අතර, අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනිසිටිම සහ භට පිරිස් ඇමතිම ද සිදු කළහ.

සංග්‍රාමික කිමිදුම් පුහුණු පාඨමාලාව මඟින් යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා දිය යට දී සටන් කිරීමේ හැකියාව ලබාදෙන අතර, මෙහිදි ශාරිරීක පුහුණව, අනතුරුදායක මුහුදු ජීවීන් සහ කිමිදුම් ඉතිහාසය පිළිබඳ දැනුම, දිය මත පාවිමේ ශිල්පීයක්‍රම, සංග්‍රාමික පිහිණුම් ක්‍රම, හුස්ම තදකරගෙන කිමිදිම, කිමිදුම් භෞතික විද්‍යාව, කිමිදුම් ජීව විද්‍යාව, දියයට සංඥා, ජලය තුලින් සතුරු භූමියට කා වැදීමේ ක්‍රම පිළිබඳව දැනුවත් කරනු ලැබේ.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පුහුණු පාසලේ සැරයන් මේජර් බනි II එස්. අමරසිංහ ඇතුලු ආරාධිතයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Nike air jordan Sneakers | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth